චීන චිත්‍රපට හා රූපවාහිනි නාට්‍ය නිර්මාණ ප්‍රදර්ශනය ඊජිප්තුවේ දී ඇරඹේ

චීන චිත්‍රපට හා රූපවාහිනි නාට්‍ය නිර්මාණ ප්‍රදර්ශනය ඊජිප්තුවේ දී ඇරඹේ

“චීනය හා අප්‍රිකාව අතර පවතින ගැඹුරු බැඳීම”(5 වැනි අදියර) තේමාවෙන් යුත් චීන චිත්‍රපට හා රූපවාහිනි නාට්‍ය නිර්මාණ ප්‍රදර්ශන උත්සවය ඊජිප්තුවේ කයිරෝ අගනුවරදී පසුගිය 20 වැනිදා ආරම්භ විය. ඉංග්‍රිසී, ප්‍රංශ, අරාබි ඇතුළු භාෂා 7ක් සහිත චීන විශිෂ්ට චිත්‍රපට හා රූපවාහිනි නාට්‍ය නිර්මාණ 20කට වැඩි ප්‍රමාණයක් අප්‍රිකා රටවල් 15ක ප්‍රධාන මාධ්‍ය 20ක් පමණ ඔස්සේ එම රටවල ජනතාව වෙත ගෙන එනු ඇත.

චීන මාධ්‍ය සමූහය හා ඊජිප්තුව, කෙන්යාව, ටැන්සානියාව, ඉතියෝපියාව හා බුරුන්ඩි ඇතුළු අප්‍රිකා රටවල මාධ්‍ය විසින් මෙවර ප්‍රදර්ශන උත්සවය සංවිධාන කර තිබේ. ඒ අතරින් Fulani භාෂාව හා Amharic භාෂාව සහිත චීන චිත්‍රපට හා රූපවාහිනි වැඩසටහන් අප්‍රිකාවේ විකාශනය කිරීමේ ප්‍රථම අවස්ථාව ද මෙය යි.

administrator

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *