ජනාධිපතිවරණයට අපේක්ෂකයින් 40ක්

ජනාධිපතිවරණයට අපේක්ෂකයින් 40ක්

2024 ජනාධිපතිවරණය සඳහා අපේක්ෂකයින් 40 දෙනෙකු සඳහා ඇප තැන්පත් කර තිබේ.

ජනාධිපතිවරණයට අදාළව ඇප මුදල් භාර ගැනීමේ කටයුතු ජූලි මස 26වන දින ආරම්භ වු අතර එය අද (14) මධ්‍යාහ්න 12ට අවසන් කෙරුණි.

2024 ජනාධිපතිවරණයට අදාළව නාමයෝජනා භාර ගැනීම හෙට (15) පෙරවරු 9 සිට 11 දක්වා මැතිවරණ කොමිෂන් සභාවේදී සිදු කෙරේ.

එම කාලසීමාව ඇතුළත මැතිවරණ කොමිෂන් සභාව පිහිටි සරණ මාවත ආශ්‍රිත ප්‍රදේශය විශේෂ ආරක්ෂක කලාපයක් ලෙස ප්‍රකාශයට පත්කර ඇති අතර, ඒ ආශ්‍රිත මාර්ගවල විශේෂ රථවාහන සැලැස්මක් ද ක්‍රියාත්මකය. 

administrator

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *