2024 චීන ජාත්‍යන්තර සේවා වෙළඳ ප්‍රදර්ශනය ලබන සැප්තැම්බර් බෙයිජිංහිදී

2024 චීන ජාත්‍යන්තර සේවා වෙළඳ ප්‍රදර්ශනය ලබන සැප්තැම්බර් බෙයිජිංහිදී

2024 චීන ජාත්‍යන්තර සේවා වෙළඳ ප්‍රදර්ශනය ලබන සැප්තැම්බර් 12 සිට 16 දක්වා බෙයිජිංහි ජාතික සම්මේලන මධ්‍යස්ථානයේ සහ ෂෝගන් උද්‍යානයේ දී පැවැත්වේ. “ගෝලීය සේවා, අන්‍යෝන්‍ය හුවමාරුව” යන තේමාවෙන් එය පැවැත්වීමට නියමිතය.

එය තවත් මාසයක කාලයකින් ආරම්භ වීමට නියමිත බැවින් ඒ වෙනුවෙන් පැවති විශේෂ මාධ්‍ය හමුවේදී (12) මේ බව ප්‍රකාශ කෙරිණ.

මෙවර ප්‍රදර්ශනයේ දී නව ගුණාත්මක ඵලදායීතාව මෙන්ම විවෘතභාවය හා  නවෝත්පාදනය ඒකාබද්ධ කිරීම කෙරෙහි ද අවධානය යොමු කිරීමට අපේක්ෂා කෙරේ. චීනයේ සේවා වෙළඳාමේ ඩිජිටල්, බුද්ධිමය සහ හරිත සංවර්ධනයේ නවතම ජයග්‍රහණ එම ප්‍රදර්ශනයේදී ද ඉදිරිපත් කෙරෙනු ඇත.

මේ වන විට, ප්‍රදර්ශනය සඳහා රටවල් සහ ජාත්‍යන්තර සංවිධාන 72ක සහභාගිත්වය සනාථ කර තිබේ. ඒ අතරින් 12ක් ප්‍රථම වරට ප්‍රදර්ශනයට ඉදිරිපත් වීම ද විශේෂත්වයකි.

administrator

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *