ගාසා හී සටන් විරාමයක් සම්බන්ධයෙන් පෙර පැවති සාකච්ඡාවල එකඟතාවන් ක්‍රියාත්මක කරන ලෙසට හමාස් සංවිධානයෙන් ඉල්ලීමක්

ගාසා හී සටන් විරාමයක් සම්බන්ධයෙන් පෙර පැවති සාකච්ඡාවල එකඟතාවන් ක්‍රියාත්මක කරන ලෙසට හමාස් සංවිධානයෙන් ඉල්ලීමක්

නව වට‍යේ සාකච්ඡාවන්ට පෙර ගාසා හී සටන් විරාමයක් සම්බන්ධයෙන් පෙර පැවති සාකච්ඡාවල එකඟතාවන් ක්‍රියාත්මක කරන ලෙසට හමාස් සංවිධානය ඉල්ලීමක් කරයි. ගාසා ගැටුම ආරම්භයේ සිට ඊජිප්තු හා කටාර් හී මැදිහත්කරුවන් සමග සටන් විරාමයක් හා ගාසා වැසියන්ට එරෙහි යුද්ධය නතර කිරීම වෙනුවෙන් තම සංවිධානය ක්‍රියාශීලී වූ බවත් යුද්ධය නතර කිරීම වෙනුවෙන් ඕනෑම උත්සාහයක් දැරීමට තමන් සූදානම් බවත් හමාස් සංවිධානය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී. සියළු නම්‍යශීලී පියවර තුළින් ඉලක්ක සපුරා ගැනීම හා ගාසා වැසියන් ගේ අභිලාෂයන් ඉ‍ටු කිරීමට සාකච්ඡා වට කිහිපයකට සහභාගී වූ බවද එම සංවිධානය පවසයි.

ඊශ්‍රාය‍ලයේ ස්ථාවරයන් හා සැබෑ අභිලාෂයන් සම්බන්ධයෙන් හමාස් සංවිධානය හා මැදිහත්කරුවන් අවබෝධ කර ගෙන සිටියද ජූලි මාසයේ මුල නවතම එකඟතාවට ප්‍රතිචාර දැක්වූ  බව එම සංවිධානය පෙන්වා දෙ‍යි.‍එහෙත් ඊශ්‍රායලය සාකාච්ඡා ක්‍රියාදාමයට ඇතුළත් නොවූ නව කොන්දේසි පනවමින් යුද්ධය තීව්‍ර කළ බවද එම නිවේදනයේ දැක්වේ.මෙවන් පසුබිමක් තුළ  ගාසා වැසියන්  සහ‍ ඔවුන්ගේ අභිලාෂයන් වෙනුවෙන් පෙර සාකච්ඡාවල එකඟතාවන් ක්‍රියාත්මක කිරීමේ සැලැස්මක් ඉදිරිපත් කරන ලෙසට හමාස් සංවිධානය මැදිහත්කරුවන් ගෙන් ඉල්ලා සිටී.

administrator

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *