චීනයේ තායිවාන ප්‍රදේශයේ ධීවර නෞකා කෙරේ අයුතු ලෙස නීති ක්‍රියාත්මක කළ ජපානයට චීනයෙන් දැඩි විරෝධතා

චීනයේ තායිවාන ප්‍රදේශයේ ධීවර නෞකා කෙරේ අයුතු ලෙස නීති ක්‍රියාත්මක කළ ජපානයට චීනයෙන් දැඩි විරෝධතා

තායිවාන ප්‍රදේශයේ ධීවර නෞකා 2ක් මෑතකදී ධීවර කර්මාන්ත නීතිරීති උල්ලංඝනය කළ බවට කරන ලද ජපාන චෝදනාව මත එරට විසින් අල්ලා ගත් අතර වන්දි ගෙවීමෙන් පසු නිදහස් කරනු ලැබීය. මේ පිළිබඳ චීනයේ ස්ථාවරය පැහැදිලි කෙරේ.

තායිවාන ප්‍රදේශයේ ධීවරයින් ඇතුළු චීන ධීවරයින්ගේ නිත්‍යානුකූල අයිතීන්ට චීන රජය උපරිමයෙන් අවධානය යොමු කරන බව චීන විදේශ අමාත්‍යංශයේ ප්‍රකාශකයෙක්(9) ප්‍රකාශ කළේය.

චීන ජපන් ධීවර ගිවිසුමට අනුව අදාල මුහුදු කලාපයේ සිට චීන ධීවර නෞකා කෙරේ නීති ක්‍රියාත්මක කිරීමේ අයිතිය ජපානය සතුව නොමැත. එම සිද්ධිය පිළිබඳව චීනය ජපානයට දැඩි විරෝධතා පළ කර ඇත. වරද නිවැරදි කර එවන් තත්ත්වයන් යළි සිදුවීම වැළැක්වීමට ප්‍රායෝගිකව ක්‍රියා කරන ලෙස චීනය ජපානයෙන් ඉල්ලා සිටින බව ද එම ප්‍රකාශකයා සඳහන් කර ඇත.

administrator

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *