පාරිභෝගික සේවාවන්හි සංවර්ධනය සහතික කිරීමට චීනය පියවර ගනී

පාරිභෝගික සේවාවන්හි සංවර්ධනය සහතික කිරීමට චීනය පියවර ගනී

උසස් තත්ත්වයේ ආර්ථික සංවර්ධනයක් උදෙසා පාරිභෝගික සේවා තවදුරටත් වැඩිදියුණු කිරීමට චීනය පියවර ගනී. මීට අදාළ මාර්ගෝපදේශ මාලාවක් චීන රාජ්‍ය මණ්ඩලය විසින් (3) නිකුත් කරනු ලැබ ඇත.

වඩාත් විවිධාංගීකරණය වූ සහ ගුණාත්මක සේවා සඳහා වන ඉල්ලුම සපුරාලීම මෙමගින්  අපේක්ෂිතයි. ගෘහසේවා, වැඩිහිටි සත්කාර, ළමාරක්‍ෂක, විනෝදාස්වාද, සංචාරක, ක්‍රීඩා, අධ්‍යාපන සහ පුහුණු ඇතුළු අංශවල පරිභෝජන විභවතා පුළුල් කිරීම ඇතුළු ප්‍රධාන කාර්යයන් 20 ක් එහි අන්තර්ගත ය.

 ඩිජිටල්, හරිත සහ සෞඛ්‍ය සේවා වැනි නව පරිභෝජන අංශ පුළුල් කිරීම,  නව පරිභෝජන අවස්ථා නිර්මාණය කිරීම, වෙළඳපොළ ප්‍රවේශය ලිහිල් කිරීම, නියාමනය ශක්තිමත් කිරීම සහ සේවා පරිභෝජනය සඳහා වැඩි ප්‍රතිපත්තිමය සහායක් ලබා දීම සඳහා ද මේ යටතේ පියවර ගැනෙනු ඇත.

රට තුළට ප්‍රවේශ වීමේ ප්‍රතිපත්ති සහ පරිභෝජන පරිසරය ප්‍රශස්ත කිරීම, ගුවන් ගමන් යළි ආරම්භ කිරීම හා  විවිධ ගෙවීම් පහසුකම් සැපයීම ද මීට ඇතුළත් ය. එසේම, තවත් රටවලට වීසා රහිත ප්‍රවේශය ලබා දීමේ හැකියාව ද අධ්‍යයනය කෙරේ.

සේවා පරිභෝජනය පුළුල් කිරීම රටේ සමස්ත පරිභෝජනය ප්‍රසාරණයේ දී අතිශය වැදගත් අංගයක් බව ද නව මාර්ගෝපදේශ මාලාව පෙන්වා දී ඇත.

administrator

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *