ඉදිරි වසරේ චීන ජාතියට මඟපෙන්වන නවීකරණ වැඩපිළිවෙළ

ඉදිරි වසරේ චීන ජාතියට මඟපෙන්වන නවීකරණ වැඩපිළිවෙළ

චීන කොමියුනිස්ට් පක්ෂයේ 20 වැනි මධ්‍යම කාරක සභාවේ 3 වැනි පූර්ණ සැසිය (15) බෙයිජිංහි දී ආරම්භ විය.

2035 වර්ෂය වන විට උසස් ප්‍රමිතියෙන් යුත් සමාජවාදී වෙළෙඳපොළ ආර්ථිකයක් ගොඩනැගීමේ ගමන් මග පිළිබඳ සැලසුම් සටහන නිර්මාණය කිරීම මෙම සිව්දින රැස්වීමේ අරමුණයි. ඒ අනුව, චීනයේ ඒක පුද්ගල දළ දේශීය නිෂ්පාදිතය මධ්‍යස්ථ සංවර්ධිත ආර්ථිකයක මට්ටමට ගෙන එමින් මෙම සියවසේ මැද භාගය වන විට සෑම අංශයකින්ම ශක්තිමත් නවීන සමාජවාදී රටක් ගොඩනැගීමට පදනම සැකසීමට මින් අපේක්ෂා කෙරේ.

උසස් තත්ත්වයේ සංවර්ධනයක් ළඟා කර ගැනීමේ දී මුහුණ දීමට සිදුවන අභියෝග, සංකීර්ණ අභ්‍යන්තර හා බාහිර පරිසරය, වර්ධනය වන අවිනිශ්චිතතාවයන් සහ අවදානම් මෙන්ම වේගයෙන් වෙනස් වන භූ-දේශපාලනික තත්ත්වයන් හමුවේ ද වඩාත් සුපරීක්ෂාකාරීව ඉදිරි දැක්මකින් කටයුතු කිරීම‍ සඳහා අවශ්‍ය මග පෙන්වීම ද මෙමගින් සපයනු ඇත. 

මෙම සංවර්ධන ගමනේ තීරණාත්මක සන්ධිස්ථානයේ දී ඵලදායී නායකත්වය‍ ඉතා වැදගත් වේ. චීන ජනාධිපති ෂී ජින් පිං මහතා චීන නවීකරණය තවදුරටත් ප්‍රවර්ධනය කිරීම පිළිබඳ චීන කොමියුනිස්ට් පක්ෂ මධ්‍යම කාරක සභාවේ කාරක වාර්තාව (15) ඉදිරිපත් කිරීම ද මෙහි සුවිශේෂ අවස්ථාවකි. එය නව ගමනේ ප්‍රතිසංස්කරණ තවදුරටත් පුළුල් කිරීමේ මාර්ගෝපදේශ ලේඛනයක් වනු ඇති බව නිසැකය. 

ආර්ථික ගෝලීයකරණයේ කුළුණක් මෙන්ම ගෝලීය ආර්ථික වර්ධනයේ එන්ජිමක් ලෙස ගෝලීය කර්මාන්ත සහ සැපයුම් දාමයේ ස්ථායීතාව වෙනුවෙන් චීනය ප්‍රධාන කාර්යභාරයක් ‍ඉටු කරමින් සිටී. එමෙන්ම ලෝක සාමය සහ ස්ථාවරත්වය සඳහා ප්‍රබල ආරක්ෂකයෙකු ලෙස ද චීනය සිය කාර්යභාරය ඵලදායී ලෙස ක්‍රියාත්මක කරයි. මෙවර චීන කොමියුනිස්ට් පක්ෂ මධ්‍යම කාරක සභාවේ ප්‍රධාන රැස්වීම චීනයේ පමණක් නොව සමස්ත ලෝකයේම සංවර්ධනයට වඩාත් නිශ්චිතභාවයක් එක් කරනු ඇති බව මින් සනාථ වනු ඇත.

administrator

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *