පැරිස් ඔලිම්පික් තරගයට චීන ඔලිම්පික් ශූරයන් 42ක්

පැරිස් ඔලිම්පික් තරගයට චීන ඔලිම්පික් ශූරයන් 42ක්

චීනය ඔලිම්පික් ශූරයන් 42ක් ඇතුළු ක්‍රීඩක ක්‍රීඩිකාවන් 405ක් සහ 716 දෙනෙක්ගෙන් සමන්විත නියෝජිත කණ්ඩායමක් එළඹෙන පැරිස් ඔලිම්පික් උළෙල සඳහා යැවීමට සූදානම් බව අද(13) නිල වශයෙන් ප්‍රකාශ කර ති‍බේ.

ජූලි 26 සිට අගෝස්තු 11 දක්වා පැවැත්වෙන පැරිස් ඔලිම්පික් උළෙලේ දී ක්‍රීඩා ඉසව් 30ක් වෙනුවෙන් තරග වැදීමට ක්‍රීඩකයින් 136ක් සහ ක්‍රීඩිකාවන් 269 දෙනෙක් සහභාගී වනු ඇත.

නියෝජිත පිරිස නිල වශයෙන් ප්‍රකාශයට පත් කිරීමේ උත්සවයේ දී චීන ඔලිම්පික් දූත පිරිසේ ප්‍රධානී Gao Zhidan මහතා, මලල ක්‍රීඩා ජයග්‍රහණ සඳහා උත්සාහ කරමින් විශිෂ්ට ක්‍රීඩාශීලීත්වයක් වෙනුවෙන් තරග කරන ලෙස ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගෙන් ඉල්ලා සිටියේය.

පැරිසියේ දී චීන ක්‍රීඩක ක්‍රීඩිකාවන් 223‍ දෙනෙක් ඔලිම්පික් සමාරම්භක උළෙලට එක් වීමට නියමිතය.

administrator

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *