8වැනි චීන-දකුණු ආසියා ප්‍රදර්ශනය ජූලි 23-28 දක්වා චීනයේ Kunming හි දී

8වැනි චීන-දකුණු ආසියා ප්‍රදර්ශනය ජූලි 23-28 දක්වා චීනයේ Kunming හි දී

8වැනි චීන-දකුණු ආසියා ප්‍රදර්ශනය එළඹෙන 23වැනිදා සිට 28වැනිදා දක්වා චීනයේ Kunming නගරයේ දී පැවැත්වේ.

චීන රාජ්‍ය මණ්ඩල ප්‍රවෘත්ති කාර්යාලය ඊයේ(9) මාධ්‍ය හමුවක් පවත්වමින් ඒ පිළිබඳව සඳහන් කළේය.

මෙවර චීන-දකුණු ආසියා ප්‍රදර්ශනය මෙම වසරේ චීනය දකුණු ආසියා රටවල් සමඟ පවත්වන වැදගත්ම ආර්ථික හා වෙළඳ හුවමාරු ක්‍රියාකාරකමක් බව චීන වාණිජ උප ඇමති Li Fei මහතා එහිදී පැවසීය.

එම ප්‍රදර්ශනය චීනය සහ දකුණු ආසියා රටවල් අතර ප්‍රතිපත්තිමය හුවමාරු වේදිකාවක්, ‍වෙළඳ භාණ්ඩ ගනු දෙනු වේදිකාවක් මෙන්ම ආයෝජන හා සහයෝගිතා වේදිකාවක් බවට පත් වී ඇතැයි ද ඔහු සඳහන් කළේය.

මේ වන විට එම ප්‍රද්ශනයට එක් වීම සඳහා ව්‍යවසායන් 2000කට ආසන්න සංඛ්‍යාවක් අත්සන් තබා ඇති අතර ඉන් අඩකට ආසන්න ප්‍රමාණයක් දකුණු ආසියාවේ හා අග්නිදිග ආසියාවේ සියලුම රටවල් ආවරණය වන පරිදි විදේශීය සමාගම් වන බව අනාවරණය වේ.

administrator

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *