යුරෝපා සංගමය සමග එක්ව මානව හිමිකම් සම්බන්ධයෙන් සහයෝගිතා පැවැත්වීමට චීනයේ එකඟත්වය පළ වෙයි

යුරෝපා සංගමය සමග එක්ව මානව හිමිකම් සම්බන්ධයෙන් සහයෝගිතා පැවැත්වීමට චීනයේ එකඟත්වය පළ වෙයි

යුරෝපා සංගමය සමග එක්ව ජගත් මානව හිමිකම් සංවර්ධනය වෙනුවෙන් සක්‍රිය ව කටයුතු කරන බව චීනය පවසයි.

ඉකුත් 13 වැනි දා සිට 17වැනි දා දක්වා චීනය හා යුරෝපා සංගමය නව වටයේ මානව හිමිකම් සංවාදයක් පවත්වා ඇත. එහිදී චීනය මානව හිමිකම් සම්බන්ධයෙන් සිය ස්ථාවරය පැහැදිලි කළේ ය. යුරෝපා සංගමය චීනයට අදාළව නිකුත් කළ 2023 වසරේ මානව හිමිකම් වාර්තා සහ චීනයේ හොංකොං හා මැකව් විශේෂ පරිපාලන කලාප පිළිබඳ වාර්තා සම්බන්ධයෙන් ද චීනය අප්‍රසාදය පළ කර ඇත. එම සංවාදයේදී යුරෝපා සංගමය මානව හිමිකම් පිළිබඳව චීනයට එරෙහිව නැගූ ‍චෝදනා සම්බන්ධයෙන් චීනය කරුණු පැහැදිලි කරමින් ‍චෝදනා ප්‍රතික්ෂේප කළේ ය.

සංවාදයේදී දෙපාර්ශ්වය විවෘත ව අදහස් හුවමාරු කර ගත් අතර ළමුන්, කාන්තාවන් හා ආබාධ සහිත පුද්ගලයන්ගේ අයිතීන් පිළිබඳ ක්ෂේත්‍රවල ද්විපාර්ශ්වික සහයෝගිතා පැවැත්වීමට කැමැත්ත පළ කර තිබේ.

සමානාත්මතාවය හා අන්‍යෝන්‍ය ගරුත්වය පදනම් ව යුරෝපා සංගමය සමග එක්ව මානව හිමිකම් සම්බන්ධයෙන් සහයෝගිතා පැවැත්වීමට කැමති බව චීන විදේශ අමාත්‍යාංශ ප්‍රකාශක ලින් චියෙන් මහතා (18) පැවති නිත්‍ය මාධ්‍ය හමුවේදී ප්‍රකාශ කළේ ය. මානව හිමිකම් දේශපාලනීකරණය කිරීමටත්, මානව හිමිකම් ප්‍රශ්නය මගින් චීන අභ්‍යන්තර කටයුතුවලට මැදිහත්වීමටත්, තරයේ විරුද්ධ වන බව ද ඔහු එහිදී වැඩිදුරටත් සඳහන් කළේ ය.

administrator

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *