ජපානයේ ඉඩම් හා ප්‍රවාහන අමාත්‍යංශය මෑතකදී ප්‍රකාශ කළේ මෝටර් රථ පරීක්ෂක දත්ත තුළ යම් යම් දෝෂ පවතින බවයි. ඒ හේතුවෙන් Toyota හා Mazda සමාගමේ අදාළ මෝටර් රථ වර්ග 5ක් නිෂ්පාදන කිරීම (6) සිට නතර කර ඇත. ඒ අතරින් Toyota සමාගමේ මෝටර් රථ වර්ග 3ක් පසුගිය මූල්‍ය වසරේ දී ලක්ෂ 1.3ක් පමණ නිෂ්පාදනය කර තිබේ. Mazda සමාගමේ අදාළ මෝටර් රථ වර්ග 2ක් පසුගිය මූල්‍ය වසරේ 15,000ක් පමණ නිෂ්පාදනය කර තිබේ. මෙලෙස නිෂ්පාදන කටයුතු නතර කිරීම මගින් ජපන් කර්මාන්ත දාමයේ සමාගම්වලට හා කලාපීය ආර්ථිකයට ද ඉන් බලපෑම් එල්ල වනු ඇත.
එමෙන්ම පරීක්ෂක දත්තවල පවතින දෝෂ සම්බන්ධයෙන් ජපන් ඉඩම් හා ප්‍රවාහන අමාත්‍යංශයේ නිලධාරීන් අද(6) Suzuki සමාගමට ද පිවිස එහි පරීක්ෂා කිරීම් ආරම්භ කළේය.