චීන මධ්‍යම ආණ්ඩුව හොංකොං විශේෂ පරිපාලන කලාපයේ නීතිය අධිෂ්ඨානශීලීව ආරක්ෂා කරන බවට සහතිකයක්

චීන මධ්‍යම ආණ්ඩුව හොංකොං විශේෂ පරිපාලන කලාපයේ නීතිය අධිෂ්ඨානශීලීව ආරක්ෂා කරන බවට සහතිකයක්

ජාතික ආරක්ෂාව අනතුරේ හෙළන හැසිරීම් සහ ක්‍රියාකාරකම්වලට දඬුවම් කිරීමේ දී හොංකොං හි අධිකරණ ආයතනවලට දැඩි ලෙස සහාය දෙන බවත්, ප්‍රදේශයේ නීතියේ ආධිපත්‍යය කඩාකප්පල් කිරීමට බාහිර බලවේගවලට කිසිවිටෙකත් ඉඩ නොතබන බවත් හොංකොං විශේෂ පරිපාලන කලාපයේ චීන ජාතික ආරක්ෂාව සුරැකීමේ කාර්යාලය පවසයි. එහි ප්‍රකාශකයෙක් නිවේදනයක් ඉදිරිපත් කරමින් ඊයේ (02) මේ බව කියා සිටියේ ය.

ඒ,  “රාජ්‍ය බලය යටපත් කිරීම සඳහා කුමන්ත්‍රණය කිරීමේ” වරදට එරෙහි ව හොංකොං විශේෂ පරිපාලන කලාපයේ මහාධිකරණය Benny Dai Yao Ting සහ සෙසු අයට දුන් තීන්දුව සම්බන්ධයෙන් ඇමරිකාව ඇතුළු රටවල් කිහිපයක දේශපාලනඥයන් කළ වගකීම් විරහිත ප්‍රකාශ සහ හොංකොං හි නීතියේ ආධිපත්‍යය අපකීර්තියට පත් කිරීමට ප්‍රතිචාර වශයෙනි.

“රාජ්‍ය බලය යටපත් කිරීමේ කුමන්ත්‍රණය” හොංකොං ජාතික ආරක්ෂක නීතිය උල්ලංඝනය කරන බරපතල අපරාධයක් බවත් එය කිසිසේත්ම ඊනියා “සාමකාමී දේශපාලන ක්‍රියාකාරකමක්” නොවන බවත් එම ප්‍රකාශකයා අවධාරණය කළේය. ඊට නීතියෙන් දඬුවම් ලැබිය යුතු බව ද ඔහු පැවසීය. ජාතික ස්වෛරීභාවය, ආරක්ෂාව සහ සංවර්ධන අවශ්‍යතා ආරක්ෂා කිරීම “එකම රටක්, ක්‍රම දෙකක්” ප්‍රතිපත්තියේ ඉහළම මූලධර්ම වේ. චීන මධ්‍යම ආණ්ඩුව හොංකොං විශේෂ පරිපාලන කලාපයේ නීතිය අධිෂ්ඨානශීලීව ආරක්ෂා කරන අතර ම “එකම රටක්, ක්‍රම දෙකක්” ප්‍රතිපත්තියේ ක්‍රියාකාරීත්වය සහතික කරන බව ද හොංකොං විශේෂ පරිපාලන කලාපයේ චීන ජාතික ආරක්ෂාව සුරැකීමේ කාර්යාල ප්‍රකාශකයා තරයේ කියාසිටියේය.

administrator

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *