රුසියාවේ ඉලක්ක වෙත ප්‍රහාර එල්ල කිරීම සඳහා ඇමරිකාවේ ආයුධ භාවිත කිරීමට ජනාධිපති Joe Biden මහතා යුක්‍රේනයට රහසිගතව අවසර දී ඇති බව ඇමරිකානු රජයේ නිලධාරීන් ඊයේ (30) ප්‍රකාශ කර ඇත.
යුක්‍රේනයේ කාර්කිව් නගරයට ප්‍රහාර එල්ල කිරීමත් සමග රුසියාවේ ඉලක්ක වෙත පහර දීම සඳහා තම ආයුධ භාවිත කිරීමට ඇමරිකාව යුක්‍රේනයට අවසර දී ඇති බව එම නිලධාරීහු පවසති. තම රටේ ආයුධ යොදාගනිමින් රුසියානු ඉලක්ක කෙරේ ප්‍රහාර එල්ල කිරීමට ඇමරිකාව මීට පෙර විරෝධය පළ කර තිබිණ.