“136 වැනි චීන ආනයන හා අපනයන ප්‍රදර්ශනයේ නිව්යෝර්ක් ප්‍රවර්ධන සමුළුව”පැවැත්වේ

පසුගියදා “136 වැනි චීන ආනයන හා අපනයන ප්‍රදර්ශනයේ නිව්යෝර්ක් ප්‍රවර්ධන සමුළුව” නිව්යෝර්ක් නුවරදී සාර්ථකව පැවැත්විණ. ඇමරිකානු ව්‍යවසායකයින්, ව්‍යාපාරික සංගම් සහ මාධ්‍ය නියෝජිතයින් ඇතුළු 120 කට වැඩි පිරිසක් මෙම සමුළුවට සහභාගී වූහ. චීනය සහ ඇමරිකාව අතර ආර්ථික හා වෙළඳ ක්ෂේත්‍රයේ ජයග්‍රාහී සහයෝගීතාව ප්‍රවර්ධනය කිරීමේ වේදිකාවක් ලෙස චීන ආනයන හා අපනයන ප්‍රදර්ශනය භාවිතා කිරීමට හැකි බවට පැමිණ සිටි අමුත්තන් අපේක්ෂා පළ කළහ.

නිව්යෝර්ක් හි චීන කොන්සල් ජනරාල් Huang Ping මහතා මෙම සමුළුවේ දේශනයක් පවත්වමින් කියා සිටියේ චීනය සහ ඇමරිකාව අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතා පිහිටුවීමේ 45 වැනි සංවත්සරය මේ වසරේ සනිටුහන් කරන බවයි. රාජ්‍ය තාන්ත්‍රික සබඳතා පිහිටුවීමේ සිට චීනය සහ ඇමරිකාව අතර වෙළඳ පරිමාව 200 ගුණයකට වඩා වැඩි වී තිබේ. නිමා වූ 135 වැනි චීන ආනයන හා අපනයන ප්‍රදර්ශනයේදී, ඇමරිකාවෙන් 10,000කට වැඩි ගැනුම්කරුවන් ප්‍රදර්ශනයට සහභාගී වූ අතර, එය ලොව විශාලතම සහභාගිවන්නන් සංඛ්‍යාවයි.

administrator

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *