ඉරාන ජනපති සහ විදේශ අමාත්‍යවරයා ජීවිතක්ෂයට

ඉරාන ජනාධිපති Ebrahim Raisi මහතා සහ ඉරාන විදේශ අමාත්‍ය Hossein Amir-Abdollahian මහතා ඊයේ(19) සිදු වූ හෙලිකොප්ටර් අනතුරෙන් ජීවිතක්ෂයට පත් වෙති. Mehr පුවත් ඒජන්සිය සහ Reuters පුවත් සේවය අද (20) මේ බව ප්‍රකාශ කළේය.

ඉරාන ජනාධිපති Ebrahim Raisi මහතා ඉරාන ජනතාව වෙනුවෙන් සේවය කරමින් තම රාජකාරිය ඉටු කරමින් සිටියදී හදිසි අනතුරකින් මිය ගිය බව Mehr පුවත් ඒජන්සිය ප්‍රකාශ කර තිබේ. එම හෙලිකොප්ටරයේම ඉරාන විදේශ අමාත්‍ය Hossein Amir-Abdollahian මහතා, එර‍ට නැගෙනහිර අසර්බයිජාන්  පළාතේ ආණ්ඩුකාරවරයා ඇතුළු පිරිසක් ද ගමන් කළහ.

ඉරාන ජනාධිපති Ebrahim Raisi මහතා ඇතුළු පිරිස හෙලිකොප්ටර් අනතුරකින් මියයාම සම්බන්ධයෙන් ඉරාන රජයේ කැබිනට් මණ්ඩලය ප්‍රකාශයක් නිකුත් කළ බව එරට ජාතික රූපවාහිනිය අද (20) පැවසීය. ජනාධිපති Ebrahim Raisi මහතා සහ Hossein Amir-Abdollahian මහතා ඇතුළු පිරිසගේ අභාවය වෙනුවෙන් එරට කැබිනට් මණ්ඩලය ශෝකය පළ කළ බව එම ප්‍රකාශයේ සඳහන් වේ. ජනාධිපති Ebrahim Raisi මහතාගේ ඉදිරි ගමන නොනවත්වා ඉදිරියට ගෙන යන බවටත්, රටේ පාලනයට කිසිඳු බාධාවක් නොවන බවටත් කැබිනට් මණ්ඩලය රටට සහ ජනතාවට සහතික වන බව ද එම ප්‍රකාශයේ සඳහන් වේ.

administrator

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *