චීන ජනාධිපති ෂී ජින් පිං මහතාගේ ආරාධනාවක් අනුව, රුසියානු ජනාධිපති Vladimir Putin මහතා චීනයේ නිල සංචාරයකට එක්වෙයි.
ඒ අනුව, Putin මහතා ලබන 16 වැනිදා දෙදින නිල සංචාරයක් සඳහා චීනයට පැමිණෙනු ඇත. චීන විදේශ අමාත්‍යාංශ ප්‍රකාශිකා Hua Chunying මහත්මිය අද (14) මේ බව නිවේදනය කළාය.