2019 සිට 2023 දක්වා වසර පහ තුළ ප්‍රංශය සමග සිදු කළ චීනයේ ආනයන හා අපනයන අනුපාතය වාර්ෂිකව 5.9%කින් වර්ධනය වෙයි. චීන රේගු ප්‍රධාන පරිපාලනයේ නවතම දත්තවලින් ඒ බව පෙන්නුම් කෙරේ. මේ වසරේ මුල් කාර්තුවේදී චීනය ප්‍රංශයට සිදු කළ ආනයන හා අපනයන ප්‍රමාණයේ වටිනාකම යුවාන් බිලියන 127.22 කි.
එම දත්තවලට අනුව, යුරෝපා සංගමයේ රටවල් අතරින් චීනයේ විශාලතම කෘෂිකාර්මික නිෂ්පාදන ආනයන මූලාශ්‍රය වන්නේ ප්‍රංශයයි. කිරි නිෂ්පාදන, ඌරු මස් සහ රතු වයින් වැනි කෘෂිකාර්මික නිෂ්පාදන වඩා වැඩියෙන් ප්‍රංශයේ සිට චීන ජනතාවගේ පරිභෝජනයට එක්ව තිබේ. එමෙන්ම පසුගිය වසර පහ තුළ චීනය ප්‍රංශයෙන් ආනයනය කරන පාරිභෝගික භාණ්ඩ ප්‍රමාණය වාර්ෂිකව 12.3% කින් වර්ධනය වී ඇත.
එසේම, ප්‍රංශය යනු චීනයේ ප්‍රධාන ගුවන් යානා සහ අභ්‍යාවකාශ යානා කොටස් ආනයන මූලාශ්‍රය වන අතර, එය පසුගිය වසර පහ තුළ චීනය විසින් සිදු කරන ලද සමාන නිෂ්පාදන ආනයනයෙන් 30%ක් පමණ වේ.