චීනයේ භාණ්ඩ හා සේවා වෙළඳ අතිරික්තය ඇමරිකානු ඩොලර් බිලියන 60 ඉක්මවයි

චීනයේ භාණ්ඩ හා සේවා වෙළඳ අතිරික්තය ඇමරිකානු ඩොලර් බිලියන 60 ඉක්මවයි

මේ වසරේ පළමු කාර්තුවේ, චීනයේ භාණ්ඩ හා සේවා වෙළඳ අතිරික්තය ඇමරිකානු ඩොලර් බිලියන 60 ඉක්මවයි. චීන ජාතික විදේශ විනිමය පරිපාලන දෙපාර්ත‍මේන්තුව (18) පළ කළ සංඛ්‍යා‍ලේඛන වාර්තාවේ මේ බව දැක්වේ.

පෙර වසරවල අගයන් හා සසඳන විට එය ඉහළ මට්ටමක පවතින බව ද එම වාර්තාව කියයි. චීන භාණ්ඩ වෙළඳ අතිරික්තය තවදුරටත් ඉහළ මට්ටමේ පවතිනු ඇති බවට ද අපේක්ෂා පළ කෙරේ. චීනයේ අපනයන ක්ෂේත්‍රයේ ව්‍යුහාත්මක පදනම ශක්තිමත් කිරීමට ද අපේක්ෂා කෙරේ. එමෙන්ම සේවා වෙළඳාමේ ව්‍යුහය ද වඩාත් ප්‍රශස්ත වනු ඇතැයි එම සං‍ඛ්‍යාලේඛන වාර්තාවේ සඳහන් වේ.

administrator

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *