යේමන නොසන්සුන්තාව උත්සන්න කරවන ක්‍රියා නතර කරන ලෙසට චීනයෙන් ඉල්ලීමක්

යේමන නොසන්සුන්තාව උත්සන්න කරවන ක්‍රියා නතර කරන ලෙස චීනය අදාළ පාර්ශ්වයන්ගෙන් ඉල්ලා සිටී.

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ චීන උප නියෝජිත Geng Shuang මහතා ඊයේ (15) මේ බව ප්‍රකාශ කළේ එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ යේමන ප්‍රශ්නය පිළිබඳ විවෘත රැස්වීමේදීය.රතු මුහුදු ප්‍රදේශයේ නොසන්සුන් තත්ත්වය කෙරෙහි අවධානය යොමු කරන චීනය සංයමයෙන් ක්‍රියා කර නොසන්සුන්තාවන් උත්සන්න කරවන ක්‍රියා නතර කරන ලෙස ඊට සම්බන්ධ සියළු පාර්ශ්වයන්ගෙන් ඉල්ලා සිටින බව හෙතෙම පැවසීය. 

වත්මන් යේමන තත්ත්වය සංකීර්ණ මෙන්ම දරුණු ය. ජාත්‍යන්තර නීතියට අනුව, ඒ ඒ රටවල වාණිජ නෞකාවලට හිමි රතු මුහුදු ජලයේ ගමන් කිරීමේ අයිතිවාසිකම්වලට ගරු කරන ලෙසත් ප්‍රහාර ක්‍රියා වහාම නතර කරන ලෙසත් චීනය හවුති සන්නද්ධ කණ්ඩායමෙන් යළි ඉල්ලා සිටින බව හෙතෙම ප්‍රකාශ කළේය.

යේමනයට එරෙහි යුද බලය ක්‍රියාත්මක කිරීමේ අයිතිය, එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය විසින් වෙනත් කිසිදු රටකට ලබා දී නොමැත.ජාත්‍යන්තර නීතිය හා ආරක්ෂක මණ්ඩලයේ තීරණ වැරදි ලෙස අවබෝධ කර ගනිමින් ඒවා අයුතු ලෙස භාවිත කිරීමට කිසිදු රටක් ක්‍රියා නොකළ යුතු යැයිද චීනය එහිදී යළි අවධාරණය කර ඇත.

administrator

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *