සිංහල දෙමළ අලුත් අවුරුදු අසිරිය බෙයිජිං නුවරට

චීනයේ බෙයිජිං නගරයේ දී සිංහල දෙමළ අලුත් අවුරුද්ද සැමරේ. එම උත්සවය ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ දී පසුගිය දා (06) උත්කර්ෂවත් ලෙස පැවැත්විණ. චීනයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය, ශ්‍රී ලංකා චීන ආර්ථික, අධ්‍යාපන හා සංස්කෘතික සංගමය සහ එරට වෙසෙන ලාංකික ප්‍රජාවේ සාමාජික පිරිසක් එක්ව මෙය සංවිධාන කළහ.

සිංහල සිරිත් විරිත්වලට මුල් තැන දෙමින් පැවති මෙම අවුරුදු උත්සවයේ දී සාම්ප්‍රදායික ජන ක්‍රීඩා තරග රැසක් ද සංවිධාන කර තිබිණ. බෙයිජිං විදේශ භාෂා විශ්වවිද්‍යාලයේ සිංහල භාෂාව හදාරන චීන සිසුන් ඉදිරිපත් කළ ජන සංස්කෘතිකාංගවලින් උලෙළ වර්ණවත් විය.

වැඩබලන තානාපති කේ.කේ. යෝගානන්දන් මහතා ඇතුළු තානාපති කාර්යාල නිලධාරීන්, ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ධනුෂ්ක රාමනායක සහ ශ්‍රී ලංකා චීන ආර්ථික, අධ්‍යාපන හා සංස්කෘතික සංගමයේ සභාපති චිරංජය උඩුමුල්ලගේ යන මහත්වරුන්,…

administrator

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *