චීනයේ ඉහළ මට්ටමේ විවෘතභාවය ලෝකයට දුර්ලභ සංවර්ධන ජයග්‍රහණ ළඟා කරයි

නව ගුණාත්මක ඵලදායීතාව චීනයේ ඉහළ ගුණාත්මකභාවයෙන් යුතු සංවර්ධනයේ හා ලෝක තිරසර සංවර්ධනයේ නව ශක්තියක් බව ඇමරිකාවේ චීන තානාපතිවරයා පවසයි. 

ඇමරිකාවේ චීන තානාපති Xie Feng මහතා පසුගිය 5 වනදා ඇමරිකාවේ Newsweek සඟරාවේ සම්මුඛ සාකච්ඡාවකට එක්වූ අවස්ථාවේදී මේ බව ප්‍රකාශ කළේය. අධි විශාල වෙළඳපොලක් සහිත චීනය තුළ නව ගුණාත්මක ඵලදායීතාව උත්ප්‍රේරකයක් සේ වෙළඳපොලේ ශක්තිය දිරිමත් කරන අතර එහි සැඟවුණු හැකියාව මුදා හරින බව හෙතෙම විස්තර කළේය. සාම්ප්‍රදායික කර්මාන්ත ව්‍යූහ වෙනස් කරමින් ඉහළ මට්ටමකට නංවා ගැනීම, නව කර්මාන්ත සමෘද්ධිමත්ව බිහි කිරීම ආර්ථික සංවර්ධනයට අඛණ්ඩව නව ශක්තිය ලබා දෙන අතර විශාල ආයෝජන හා පාරිභෝගික ඉල්ලුම් නිර්මාණය කරනු ඇත. 

ඉහළ මට්ටමේ විවෘතභාවය චීන සංවර්ධනයේ අනිවාර්ය තෝරාගැනීමක් වන අතර එය ලෝකයට දුර්ලභ සංවර්ධන ජයග්‍රහණ ගෙන එනු ඇති බවද Xie Feng මහතා එහිදී සඳහන් කළේය. 

administrator

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *