“බෙයිජිං සිට පැරිස් දක්වා – චීන සහ ප්‍රංශ කලාකරුවන්ගේ ඔලිම්පික් චාරිකාව” යන චීන කලා ප්‍රදර්ශන ඉසව්ව ආරම්භ වෙයි

චීන මාධ්‍ය සමූහය “බෙයිජිං සිට පැරිස් දක්වා – චීන සහ ප්‍රංශ කලාකරුවන්ගේ ඔලිම්පික් චාරිකාව” යන චීන කලා ප්‍රදර්ශන ඉසව්ව ප්‍රකාශයට පත් කරයි.

අද (2) චීන මාධ්‍ය සමූහයේ අධ්‍යක්ෂ ජනරාල් Shen Haixiong මහතා, චීන ජාතික කලා කෞතුකාගාරයේ අධ්‍යක්ෂ Wu Weishan මහතා, Tsinghua විශ්ව විද්‍යාලයේ ලලිත කලා ඇකඩමියේ මහාචාර්ය Chang Shana මහත්මිය ඇතුළු පිරිසකගේ ප්‍රධානත්වයෙන් එම ඉසව්ව නිවේදනය කෙරිණ.

එම කලා ප්‍රදර්ශනය ලබන මැයි මාසයේදී ප්‍රංශයේ පැරිස් නුවර Paris Invalides ප්‍රදර්ශන මධ්‍යස්ථානයේදී පැවැත්වේ. චීනයේ කැපී පෙනෙන සමකාලීන කලාකරුවන් 100කට වැඩි පිරිසකගේ සියුම් නිර්මාණ 200කට වැඩි ප්‍රමාණයක් එහිදී ප්‍රංශ ජනතාවට රසවිඳීමට අවස්ථාව සැලසේ. පැරිස් ඔලිම්පික් උළෙල සහ කලාවේ පොදු සුන්දරත්වය යටතේ, එම ප්‍රදර්ශනය අද්විතීය සංස්කෘතික අත්දැකීමක් ගෙන එනු ඇතැයි අපේක්ෂා කෙරේ.

administrator

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *