රුසියානු ජනතාව ත්‍රස්ත ප්‍රහාරයෙන් මිය ගිය පිරිස සමරති

රුසියානු ජනතාව ත්‍රස්ත ප්‍රහාරයෙන් මිය ගිය පිරිස සමරති

පසුගිය 24 වනදා රුසියාවේ ජාතික ශෝක දිනය ප්‍රකාශයට පත් කෙරිණ. එරට ජනතාව පසුගිය 22වැනි දා රාත්‍රියේ සිදුවූ ත්‍රස්ත ප්‍රහාරයෙන් ජීවිතක්ෂයට පත්වූ පුද්ගලයන් අනුස්මරණය කළහ.

රුසියානු ජනාධිපති වෙබ් අඩවිය ඊයේ(24) නිවේදනය කළේ ව්ලැඩ්මීර් පුටින් ජනාධිපතිවරයා, ටජිකිස්ථාන ජනාධිපති Emomali Rahmon, අසර්බයිජාන ජනාධිපති Ilham Heydar oglu Aliyev ඇතුළු විවිධ රටවල රාජ්‍ය නායකයන් සමග දුරකථන සංවාදවල නිරත වූ බවයි. එහිදී ටජිකිස්ථාන ජනාධිපතිවරයා එම ත්‍රස්ත ප්‍රහාරය දැඩි ලෙස හෙළා දැක තිබේ. සහයෝගිතා තවදුරටත් තහවුරු කර ත්‍රස්තවාදය, අන්තවාදය හා ආගමික රැඩිකල්වාදය මර්දනය කළ යුතු බව දෙරටේ ජනාධිපතිවරු පැවසූහ.

එසේ ම, රුසියාවේ ආරක්ෂක කවුන්සලයේ උප සභාපති Dmitry Medvedev මහතා ඊයේ(24) සමාජ මාධ්‍යයේ සඳහන් කළේ පුරවැසිභාවය හා තරාතිරම කුමක් වුවද මෙවර ත්‍රස්ත ප්‍රහාරය හා සම්බන්ධ සියලු පුද්ගලයන්ට රුසිනාවේ නීත්‍යනුකූල ප්‍රතිප්‍රහාර එල්ල වනු ඇති බවයි.

ත්‍රස්ත ප්‍රහාරයට ඍජුවම එක් වූ සිව්දෙනෙකු ඇතුළු සැකකරුවන් 11දෙනෙකු අත්අඩංගුවට ගත් බව රුසියානු ආරක්ෂක සේවය පවසා ඇත. මෙම සිව්දෙනා විදේශ පුරවැසියභාවය හිමි පිරිසක් බවට රුසියාවේ ස්වදේශ කටයුතු පිළිබඳ අමාත්‍යංශය සනාථ කර තිබේ.

administrator

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *