බෝඅඕ ආසියා සංසදයේ 2024 වාර්ෂික සමුළුව හෙට (26) සිට 29 වනදා දක්වා චීනයේ Hainan පළාතේ බෝඅඕ හිදී පැවැත්වෙයි.
මෙවර සමුළුවේ තේමාව “ආසියාව හා ලෝකය: පොදු අභියෝගයන්, පොදු වගකීම්” යන්නයි. ලෝක ආර්ථිකය, තාක්ෂණික නවෝත්පාදනය, සමාජ සංවර්ධනය සහ ජාත්‍යන්තර සහයෝගිතාව යන ප්‍රධාන කොටස් හතරක් යටතේ , 40 කට වැඩි උප සංසද මෙවර සමුළුවේදී පැවැත්වීමට නියමිතය.
අද (25) සවස එම වාර්ෂික සමුළුවේ මාධ්‍ය මධ්‍යස්ථානයේ කටයුතු නිල වශයෙන් ආරම්භ කෙරේ. ඒ අනුව මෙවර සමුළුව සඳහා සියලු කටයුතු මේ වනවිට සූදානම් ව පවතී.