Huawei සමාගම හා සම්බන්ධ චීනයේ චිප සමාගම්වලට එරෙහිව සම්බාධක පැනවීමට ඇමරිකාව සැලසුම් කිරීම පිළිබඳව චීනයෙන් ප්‍රතිචාර

Huawei සමාගම හා සම්බන්ධ චීනයේ චිප සමාගම්වලට එරෙහිව සම්බාධක පැනවීමට ඇමරිකාව සැලසුම් කිරීම පිළිබඳව චීනයෙන් ප්‍රතිචාර

Huawei සමාගම හා සම්බන්ධ චීනයේ චිප සමාගම්වලට එරෙහිව සම්බාධක පැනවීමට ඇමරිකාව සැලසුම් කිරීම පිළිබඳව චීනය ප්‍රතිචාර දක්වයි.

අද(21) සවස චීන වාණිජ අමාත්‍යංශය පැවැත්වූ මාධ්‍ය හමුවකදී එහි ප්‍රකාශක He Yadong මහතා පැවසුවේ මෑත වසර කිහිපයක් තුළ, ඇමරිකාව අත්තනෝමතික අයුරින් අපනයනයට බාධා කර හේතු රහිතව චීන ව්‍යවසායන්ට පීඩා එල්ල කර ඇති බවයි. අර්ධ සන්නායක කර්මාන්ත දාමයට ඉන් දැඩි පීඩා එල්ල වී ඇත. රාජ්‍ය බලය භාවිත කරමින් Huawei සමාගමට එරෙහිව අඛණ්ඩ ව පීඩා එල්ල කිරීමට සමගාමීව Huaweiට අදාළ චීනයේ අනෙකුත් ව්‍යවසායන්ට එරෙහිව සම්බාධක පනවන්නේ නම් එය ඇමරිකාවේ ආර්ථික දාමරිකකමකි. එය ජාත්‍යන්තර ආර්ථික හා වෙළඳ රෙගුලාසි උල්ලංඝණය කිරීමක් ද වෙයි.

වැරදි ක්‍රියාවලින් බැහැර වන ලෙස චීනය ඇමරිකාවෙන් ඉල්ලා සිටී. එරට ක්‍රියාවන් අනුව චීනය ප්‍රතිචාර දක්වමින් සිය ව්‍යවසායන්හී නීත්‍යනුකූල අයිතිවාසිකම් සුරැකීමට පියවර ගන්නා බව එම ප්‍රකාශකයා අවධාරණය කළේය.

administrator

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *