නවතම ගෝලීය දේශගුණ තත්ත්වය පිළිබඳ 2023 වසරේ වාර්තාවෙන් අනතුරු ඇඟවීමක්

නවතම ගෝලීය දේශගුණ තත්ත්වය පිළිබඳ 2023 වසරේ වාර්තාවෙන් අනතුරු ඇඟවීමක්

ලෝක කාලගුණ විද්‍යා සංවිධානය“ගෝලීය දේශගුණ තත්ත්වය පිළිබඳ 2023 වසරේ වාර්තාව ”නිකුත් කරයි. 2023 වසරේ ගෝලීය හරිතාගාර වායු සාන්ද්‍රණය, පොලොවේ මතුපිට උෂ්ණත්වය, සාගර උණුසුම සහ ආම්ලීකරණය, මුහුදු මට්ටම ඉහළ යාම, ඇන්ටාක්ටික් මුහුදු අයිස් ප්‍රමාණය සහ ග්ලැසියර දියවීම ඇතුළුව බොහෝ දේශගුණ විපර්යාස දර්ශක නව වාර්තා තබා ඇතැයි ලෝක කාලගුණ විද්‍යා සංවිධානය (19) නිකුත් කළ එම වාර්තාවේ සඳහන් වේ. එම සංවිධානය එක්සත් ජාතීන්ගේ මහ ලේකම්වරයා උපුටා දක්වමින් කියාසිටියේ වාර්තාවේ සඳහන් සියලු දර්ශක අනතුරු ඇඟවීමක් කර ඇති බවයි.

2023 වසරේ අධික උෂ්ණත්වය, ගංවතුර, නියඟ, ලැව්ගිනි යනාදිය පුද්ගලයන් මිලියන ගණනාවකගේ දෛනික ජීවිතයට බලපෑ අතර ඇමරිකානු ඩොලර් බිලියන ගණනක ආර්ථික අලාභ සිදු වූ බව ද එම වාර්තා‍වේ වැඩිදුරටත් දැක්වේ.

administrator

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *