දෙවන චීන ජාත්‍යන්තර සැපයුම් දාම ප්‍රවර්ධන ප්‍රදර්ශනයට දෙස් විදෙස් ව්‍යවසායන් ලියාපදිංචි කිරීම ඇරඹේ

දෙවන චීන ජාත්‍යන්තර සැපයුම් දාම ප්‍රවර්ධන ප්‍රදර්ශනයට දෙස් විදෙස් ව්‍යවසායන් ලියාපදිංචි කිරීම ඇරඹේ

දෙවන චීන ජාත්‍යන්තර සැපයුම් දාම ප්‍රවර්ධන ප්‍රදර්ශනයට ලියාපදිංචි වූ දෙස් විදෙස් ව්‍යවසායන් 160 ඉක්මවයි.

දෙවන චීන ජාත්‍යන්තර සැපයුම් දාම ප්‍රවර්ධන ප්‍රදර්ශනයට එක්වීම සඳහා ලියාපදිංචි කිරීමේ උත්සවය ඊයේ(15) චීන වෙළඳ ප්‍රවර්ධන සංගමය විසින් පැවැත්විණ. මේවන විට දෙස් විදෙස් ව්‍යවසායන් 160 කට අධික ප්‍රමාණයක් එම ප්‍රදර්ශනයට සහභාගි වීම තහවුරු කර ඇත.

විදේශ රටවල චීන තානාපති කාර්යාල, ජාත්‍යන්තර සංවිධාන හා චීනයේ සිටින විදේශ ව්‍යවසායන්ගේ සංගම් , දෙස් විදෙස් ව්‍යවසායන් යන ආයතනවලින් නියෝජිතයන් 300ක පමණ පිරිසක් එම උත්සවයට එක්වූහ.

පළමු චීන ජාත්‍යන්තර සැපයුම් දාම ප්‍රවර්ධන ප්‍රදර්ශනයේ පැවති ප්‍රදර්ශන කලාපවලට අමතරව, උසස් නිෂ්පාදන දාම ප්‍රදර්ශන කලාපයක් ද මේ වසරේ මෙම ප්‍රදර්ශනයට ඇතුළත් වේ.

administrator

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *