පැතුම්-අස­ලං­කගේ සට­නින් ශ්‍රී ලංකාව තර­ගා­ව­ලිය සම කරයි

පැතුම්-අස­ලං­කගේ සට­නින් ශ්‍රී ලංකාව තර­ගා­ව­ලිය සම කරයි

පැතුම් නිශ්ශංක සහ චරිත් අස­ලංක ගොඩ­නැඟූ වාර්තා­ගත සබ­ඳ­තාව හේතු­වෙන් බංග්ලා­දේ­ශ­යට එරෙ­හිව ඊයේ චැටෝ­ග්‍රෑ­ම්හිදී පැවති දෙවැනි දිවා රාත්‍රි එක්දින තර­ගය කඩුලු 3කින් ජය ගැනී­මට ශ්‍රී ලංකා කණ්ඩා­යම සමත් විය.

මේ සමඟ තරග 3කින් සම­න්විත එක්දින තර­ගා­ව­ලිය 1-1 ලෙස සම­කර ගැනී­මට ද ශ්‍රී ලංකා පිලට හැකි විය.

තර­ගයේ පළ­මුව පන්දු­වට පහර දෙමින් බංග්ල­දේ­ශය දුන් ලකුණු 287ක ඉල­ක්කය හඹා ගිය ශ්‍රී ලංකා ක්‍රීඩ­කයෝ පන්දු 17ක් ඉති­රිව තිබි­යදී ජය­ග්‍රාහී ඉල­ක්කය පසු කළේ කඩුලු 7ක් පම­ණක් අහිමි කර ගනි­මිනි.

මුල් කඩුලු 3 (අවිශ්ක 0, මෙන්ඩිස් 16 හා සදීර 1) ලකුණු 43ක් තුළ බිඳ වැටී­මෙන් අන­තු­රුව ආර­ම්භක පිති­කරු පැතුම් නිශ්ශං­කට එක් වූ චරිත් අස­ලංක ලකුණු 185ක සබ­ඳ­තා­වක් සම­ඟින් ශ්‍රී ලංකා පිල ජය­ග්‍රාහී මාව­තට රැගෙන ගියේය.

පන්දු 183කින් ගොඩ­නැ­ඟුණු මේ සබ­ඳ­තාව වාර්තා අත­රට එක් වූයේ එක්දින තර­ග­ය­කදී ශ්‍රී ලංකා පිල වෙනු­වෙන් සිව්වැනි කඩු­ල්ලට ගොඩ­නැඟූ ඉහ­ළම සබ­ඳ­තාව ලෙසිනි. ඊයේ බිඳ වැටුණේ 1997දී අර්ජුන රණ­තුංග සහ රොෂාන් මහා­නාම විසින් බට­හිර ඉන්දීය කොදෙ­ව්වන්ට එරෙ­හිව ලකුණු 171කින් පිහි­ටුවා තිබූ වාර්තා­වයි.

මේ තර­ග­යේ­දී­ම­හීෂ් තීක්ෂණ වෙනු­වට ශ්‍රී ලංකා කණ්ඩා­ය­මට දුනිත් වෙල්ලා­ලගේ කැඳවා තිබූ අතර, බංග්ලා­දේශ කණ්ඩා­යම පළමු තර­ගයට ක්‍රීඩා කළ කණ්ඩා­ය­මම එක් කර තිබිණි.

දෙපිල අතර අව­සන් එක්දින තර­ගය සඳුදා මෙරට වේලා­වෙන් පෙර­වරු 9.30ට චැටෝ­ග්‍රෑ­ම්හි­දීම පැවැත්වේ.

administrator

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *