ජපානයේ පළමු පෞද්ගලික රොකට්ටුව ගුවන්ගත කළ සැණින් පුපුරා යයි

ජපානයේ පළමුවරට චන්ද්‍රිකාවක් උඩුගුවනට යැවූ පෞද්ගලික අභ්‍යවකාශ සමාගම බවට ඉතිහාසගත වීමේ අරමුණින් පසුගියදා යවනු ලැබූ ටෝකියෝ නුවර කේන්ද්‍ර කරගත් ස්පේස් වන් නමැති සමාගමේ රොකට්ටුව ගුවන්ගත වූ පළමු තත්පරයේදීම පුපුරා ගිය බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. එරට වයකාමා ප්‍රාන්තයේ කුෂිමෝටෝ ප්‍රදේශයෙන් ගුවන් ගත කර ඇති ‘කයිරෝස්‘ නමැති එම කුඩා රොකට්ටුව කැබැලිවලට පුපුරා යෑමෙන් අවට අහස සම්පූර්ණයෙන්ම දුමෙන් වැසී ගිය බව ද වාර්තා වේ. එම උත්සාහය සාර්ථක වූයේ නම් පෘථිවි කක්ෂයේ චන්ද්‍රිකාවක් ස්ථානගත කළ ජපානයේ පළමු පෞද්ගලික සමාගම ලෙස ස්පේස් වන් සමාගම වාර්තාපොතට එක්වීමට නියමිතව තිබිණි.

administrator

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *