සෝමාලියා මුහුදු කොල්ලකරුවෝ බංග්ලාදේශ නෞකාවක් පැහැර ගනිති

සෝමාලියානු මුහුදු කොල්ලකරුවන් බංග්ලාදේශයට අයත් භාණ්ඩ ප්‍රවාහන නෞකාවක් සහ එහි කාර්ය මණ්ඩලය පැහැරගෙන ගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. මොසැම්බික් රාජ්‍යයේ මපුටෝ අගනුවර වරායේ සිට එක්සත් අරාබි එමීර් රාජ්‍යය බලා යාත්‍රා කරමින් තිබූ ‘එම්වී අබ්දුල්ලා‘ නමැති එම නෞකාව පැහැරගෙන ඇත්තේ ඊයේ (13) අලුයම් කාලයේදී බවත් වාර්තා වේ. ටොන් 55,000ක ගල් අඟුරු පටවාගත් නෞකාව පැහැර ගැනීමෙන් පසු එහි 23 දෙනකුගෙන් සමන්විත කාර්ය මණ්ඩලය ප්‍රාණ ඇපයට ගෙන ඇතැයි ද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය.

ඉන්දියානු සාගරයට නාවික සැතපුම් 600ක් ඈතින් සෝමාලියාවේ මොගඩිෂු අගනුවරට නැඟෙනහිරෙන් පිහිටි මුහුදු සීමාවේදී එම පැහැර ගැනීම සිදු වී ඇති අතර, ඒ සඳහා සෝමාලියානු කොල්ලකරුවන් 15-20ක් අතර පිරිසක් පැමිණ තිබු බවත් වාර්තා වේ. ප්‍රාණ ඇපයට ගත් කාර්ය මණ්ඩලයේ සියලු සාමාජිකයන් බංග්ලාදේශ ජාතිකයන් බව ද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය.

administrator

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *