“සාමකාමී ව එක්සත් කිරීම සහ එකම රටක්, ක්‍රම දෙකක්” යනු චීනයේ එක්සත්භාවය උදෙසා ප්‍රශස්තම ක්‍රමවේදය යි

“සාමකාමී ව එක්සත් කිරීම සහ එකම රටක්, ක්‍රම දෙකක්” යනු චීනයේ එක්සත්භාවය උදෙසා ප්‍රශස්තම ක්‍රමවේදය යි

“සාමකාමී ව එක්සත් කිරීම සහ එකම රටක්, ක්‍රම දෙකක්” යනු චීනයේ එක්සත්භාවය සාක්ෂාත් කර ගැනීමේ ප්‍රශස්තම ක්‍රමවේදය බව චීනය පවසයි.

චීන රාජ්‍ය මණ්ඩල තායිවාන කටයුතු පිළිබඳ කාර්යාලයේ ප්‍රකාශක Chen Binhua මහතා ඊයේ (13) එම කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවේ දී මේ බව පැවසීය.

“සාමකාමී ව එක්සත් කිරීම සහ එකම රටක්, ක්‍රම දෙකක්”යනු චීනය තායිවාන ප්‍රශ්නය විසඳා ගැනීමේ මූලික ප්‍රතිපත්තියක් වන අතර, එය තායිවාන සමුද්‍ර සන්ධිය දෙපස ස්වදේශිකයන්ටත්, චීන ජාතියටත් ඉතා හිතකර බව Chen Binhua මහතා එහිදී කියා සිටියේය. එහෙත්, බාහිර බලවේගවල මැදිහත්වීම් සහ ඉතා සුළුතර තායිවාන බෙදුම්වාදීන් හා ඔවුන්ගේ ක්‍රියාකාරකම් හේතුවෙන්, සන්නද්ධ බලයෙන් එක්සත්භාවය සාක්ෂාත් කිරීම අත්හරින බවට චීනය කිසිවිටකත් පොරොන්දු නොවන බව ද හෙතෙම අවධාරණය කළේය.

එසේම, තායිවාන සමුද්‍ර සන්ධියේ සංකීර්ණ හා බරපතල තත්ත්වය කෙරෙහි  මූලික වශයෙන් බලපා ඇත්තේ, එම ප්‍රදේශයේ ඩිමොක්‍රටික් ප්‍රගතිශීලී පක්ෂයේ බලධාරීන් බාහිර බලවේග සමග එක්ව “තායිවාන ස්වාධීනත්වය” යන ඊනියා සංකල්පය අඛණ්ඩව උසිගැන්වීමයි. “තායිවාන ස්වාධීනත්වය” යන නාමයෙන් ඉස්මතු වන ඕනෑම ආකාරයක බෙදුම්වාදී කුමන්ත්‍රණයක් පරාජය කොට රටේ ස්වාධිපත්‍යය හා භෞමික අඛණ්ඩතාව ආරක්ෂා කිරීම සඳහා චීනය සතු ප්‍රබල හැකියාව තරයේ විශ්වාස කරන බව ද Chen Binhua මහතා එහිදී පෙන්වා දී තිබේ.

administrator

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *