කෘත්‍රිම බුද්ධියෙන් ලොව මුල්තැන ගැනීමට ඉන්දියාවේ උත්න්සාහයක්-ඩොලර් බිලියනයක මෙහෙයුමක්

කෘත්‍රිම බුද්ධියෙන් ලොව මුල්තැන ගැනීමට  ඉන්දියාවේ උත්න්සාහයක්-ඩොලර් බිලියනයක මෙහෙයුමක්

ඉදිරි වසර 5 ඇතුළත රටේ කෘත්‍රිම බුද්ධි තාක්ෂණය සංවර්ධනය කිරීම සඳහා අමෙරිකානු ඩොලර් බිලියන 1.2ක මෙහෙයුමකට ඉන්දීය රජය අනුමැතිය ලබා දී ඇතැයි එරට මාධ්‍ය වාර්තා කළේය. සුපිරි පරිගණක ධාරිතාව ඉහළ දැමීමේ අරමුණින් මේ ක්‍රියාවලිය සිදු කිරීමට නියමිත බව ද වැඩිදුරටත් වාර්තා වේ.

කෘත්‍රිම බුද්ධිය පදනම් කරගත් යෙදුම් සහ ආකෘති නිර්මාණය කිරීමට අත්‍යවශ්‍ය ග්‍රැෆික් සැකසුම් ඒකක දසදහසක් සක්‍රීය කිරීමට ද රජය පියවර ගෙන ඇතැයි ද එම සැකසුම් ඒකක සඳහා සේවාදයකයන්ගෙන් ඉල්ලුම වැඩි වී ඇතැයි ද එරට මාධ්‍ය සඳහන් කළේය. ග්‍රැෆික් සැකසුම් ඒකක දසදහසක් සක්‍රීය කර පර්යේෂකයන්ට සහ නවෝත්පාදකයන්ට ලබාදීම මඟින් කෘත්‍රිම බුද්ධිය අතින් ඉන්දියාව ගෝලීය කේන්ද්‍රස්ථානය බවට පත් කිරීම මෙහි අරමුණ බව ද වාර්තා වේ. පරිඝනක බලයේ සිට ආකෘති දක්වා ද, යෙදුම්වල සිට දක්ෂතා දක්වා ද. දත්ත සැපයුම් වේදිකාවේ සිට නියාමන රාමුව දක්වා ද සමස්ත පරිසර පද්ධතියම සංවර්ධනය කිරීම කෙරෙහි ඉන්දීය රජයේ අවධානය යොමු වී ඇතැයි එරට තොරතුරු හා තාක්ෂණ ඇමැති අශ්විනි වෛෂ්නව් ප්‍රකාශ කර ඇතැයි ද වාර්තා වේ.

administrator

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *