
71 වන වරට සංවිධානය කර තිබුණු මෙවර ලෝක රූ රැජිණ අවසන් මහා තරගය ඉන්දියාවේ, මුම්බායි නුවරදී ඊයේ (මාර්තු 9) පැවැත්විණි.
ලෝක රූ රැජිණ කිරුළ වෙනුවෙන් මෙවර රටවල් 115ක තරගකාරියක් තරග කර තිබුණු බව විදෙස් මාධ්‍ය වාර්තාවල දැක්වේ.
2022 වසරේ ලෝක රූ රැජිණ කිරුළ දිනාගත් පෝලන්තයේ කැරොලිනා බිලව්ස්කා මුම්බායිහි බීකේසීහි ජියෝ වර්ල්ඩ් සෙන්ටර්හි පැවති උත්කර්ෂවත් අවසන් මහා තරගයේදී චෙක් ජනරජයේ ක්‍රිස්ටිනා පිස්කෝවා කිරුළ පැළඳුවා ය.

මෙම උත්සවය රටවල් 140කට වැඩි ගණනක සජීවීව විකාශය විය.
තවමත් සිය 20 හැවිරිදි විය පසු කරමින් සිටින ක්‍රිස්ටිනා පිස්කෝවා Krystyna Pyszko පදනමේ නිර්මාතෘවරිය ද වේ. ඉංග්‍රීසි, පෝලන්ත, ස්ලෝවැක් සහ ජර්මානු භාෂා හොඳින් දන්නා ඇය ගුණාත්මක අධ්‍යාපනය තුළින් තිරසර සංවර්ධනයක් වෙනුවෙන් පෙනී සිටින්නියකි.
වසර 28කට පසු මෙම තරගාවලියේ සත්කාරකත්වය ඉන්දියාව දැරීම විශේෂත්වයකි.