චීන කොමියුනිස්ට් පක්ෂයේ 20 වන මධ්‍යම කාරක සභාවේ පස්වැනි පූර්ණ සැසියේ දැක්ම අධ්‍යයනයට අදාළ විග්‍රහ කිරීම් අඛණ්ඩව

චීන කොමියුනිස්ට් පක්ෂයේ 20 වන මධ්‍යම කාරක සභාවේ පස්වැනි පූර්ණ සැසියේ දැක්ම අධ්‍යයනයට අදාළ විග්‍රහ කිරීම් අඛණ්ඩව

චීන කොමියුනිස්ට් පක්ෂයේ 20 වන මධ්‍යම කාරක සභාවේ පස්වැනි පූර්ණ සැසියේ දැක්ම අධ්‍යයනයට අදාළ විග්‍රහ කිරීම් විවිධ ප්‍රදේශ හා ආයතනයන්හිදී අඛණ්ඩව සිදු කෙරේ.

චීන කොමියුනිස්ට් පක්ෂ මධ්‍යම කාරක සභාවේ ඊට අදාළ විග්‍රහ කිරීමේ කණ්ඩායමට එක්වූ කොමියුනිස්ට් පක්ෂයේ ශැංහයි නාගරික කමිටුවේ ලේකම් Chen Jining මහතා පසුගියදා ශැංහයි නගරයේදී පස්වැනි පූර්ණ සැසියේ දැක්ම පිළිබඳ විග්‍රහයක් සිදු කළේය.

චීන කොමියුනිස්ට් පක්ෂයේ සංවර්ධනය පිළිබඳව චීන කොමියුනිස්ට් පක්ෂ මධ්‍යම කාරක සභාවේ මහලේකම්, ජනාධිපති ෂී ජින්පිං මහතාගේ චින්තනයත් සමග, ෂී ජින්පිං මහතා පස්වැනි පූර්ණ සැසියේදී සිදු කළ වැදගත් දේශනය හා එහිදී සම්මත කෙරුණු ‘චීන කොමියුනිස්ට් පක්ෂය තුළ පුළුල් හා පූර්ණ පාලනයක් අඛණ්ඩව ඉදිරියට ගෙන යාම හා සම්බන්ධ කරුණු රැසක් පිළිබඳ චීන කොමියුනිස්ට් පක්ෂ මධ්‍යම කාරක සභාවේ තීරණය’සම්බන්ධව Chen Jining මහතා එහිදී විශේෂ අවධානයකින් යුතුව විග්‍රහ කළේය.

මේ අතර, චීනයේ මහජන ආරක්ෂක කටයුතු පිළිබඳ ඇමති Wang Xiaohong මහතා 05 වැනිදා එම අමාත්‍යාංශයේදී ද අදාළ කරුණු සම්බන්ධයෙන් විග්‍රහ කර තිබේ.

administrator

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *