චීන මහජන දේශපාලන උපදේශක සභා ජාතික කමිටුවේ 14වන ස්ථාවර කමිටුවේ 19වන සැසිය නිමාවට පත් වේ. ඊයේ (4) පැවති එම සැසියේ සමාප්ති සමුළුව සඳහා චීන මහජන දේශපාලන උපදේශක සභාවේ ජාතික කමිටු සභාපති , චීන කොමියුනිස්ට් පක්ෂ මධ්‍යම කාරක සභාවේ දේශපාලන කාර්යාංශ ස්ථාවර කමිටු සාමාජික වං හු නිං මහතා එක් විය. එහිදී හෙතෙම දේශනයක් ද පැවැත්විය.
චීන කොමියුනිස්ට් පක්ෂයේ 20වන මධ්‍යම කාරක සභාවේ 5වන පූර්ණ සැසියේ හරය අධ්‍යයනය කිරීම හා ක්‍රියාවට නැංවීම, චීන මහජන දේශපාලන උපදේශක සභාවේ වැදගත් දේශපාලන කාර්යයක් ලෙස සැලකිය යුතුය. එසේම එම පූර්ණ සැසියේදී පක්ෂ මධ්‍යම කාරක සභාවේ මහලේකම් ෂී ජින්පිං මහතා පළ කළ අදහස් සහ පූර්ණ සැසියෙන් නියම කෙරුණු කටයුතු සමග මනසින් හා ක්‍රියාවෙන් පෙළගැසිය යුතු බව ද වං හු නිං මහතා සිය දේශනයෙන් පෙන්වා දෙයි. චීන කොමියුනිස්ට් පක්ෂයේ පූර්ණ නායකත්වය සහ චීන කොමියුනිස්ට් පක්ෂ මධ්‍යම කාරක සභාවේ සාමූහික නායකත්වය ස්ථිර ලෙස පවත්වා ගනිමින් චීන ජනපති ෂී ජින්පිං මහතාගේ නව යුගයේ චීන ලක්ෂණයෙන් යුත් සමාජවාදී චින්තනයෙන් අඛණ්ඩව ශක්තිය හා ධෛර්යය ලබමින් කටයුතු කිරීමේ වැදගත්කම ද වං හු නිං මහතා අවධාරණය කර ඇත.
