26 වන ශැංහයි ජාත්‍යන්තර චිත්‍රපට උළෙල ඇර‍‍‍ඹේ

26 වන ශැංහයි ජාත්‍යන්තර චිත්‍රපට උළෙල ඇර‍‍‍ඹේ

26 වන ශැංහයි ජාත්‍යන්තර චිත්‍රපට උළෙල ඇර‍‍‍ඹේ. චීන මාධ්‍ය සමූහය හා ශැංහයි නාගරික රජය ඒකාබද්ධව සංවිධාන කරන එම උළෙල දින 10ක් පුරා පැවැත්වීමට නියමිත ය.මෙවර ශැංහයි ජාත්‍යන්තර චිත්‍රපට උළෙලේ ප්‍රධාන තේමාව වන්නේ “චිත්‍රපට නගරය” යන්නයි. එහි දී පිරිනමන Golden Goblet සම්මානය සඳහා රටවල් හා ප්‍රදේශ 105ක චිත්‍රපට නිර්මාණ 3700කට වැඩි සංඛ්‍යාවක් ඉදිරිපත් කර ඇත. අවසාන තරඟය වෙනුවෙන් රටවල් 29ක චිත්‍රපට නිර්මාණ 50ක් තෝරාගෙන තිබේ. ඒ අතරින් චිත්‍රපට 38ක් ජාත්‍යන්තර මට්ටමින් පළමු වරට තිරගත වන චිත්‍රපට වීම ද විශේෂත්වයකි.

Golden Goblet සම්මානය පිරිනැමීමට අමතරව මෙම චිත්‍රපට උළෙලේ දී ප්‍රංශ චිත්‍රපට සතිය, “එක් තීරයක් එක් මාවතක්”චිත්‍රපට සතිය, කෙටි චිත්‍රපට ප්‍රදර්ශනය ඇතුළු විවිධ ක්‍රියාකාරකම් රැසක් සංවිධාන කෙරේ. මීට සමගාමී ව“චීන චිත්‍රපට හා රූපවාහිනී රාත්‍රිය”එළඹෙන 16වැනි දා ‍ශැංහයි ජාත්‍යන්තර මාධ්‍ය වරායේදී පැවැත්වේ. එහිදී චීන මාධ්‍ය සමූහය මාධ්‍ය දෘෂ්ටි කෝණයෙන් චීන චිත්‍රපට හා රූපවාහිනී ක්ෂේත්‍රයේ පවතින ප්‍රවණතා ලොවට හඳුන්වා දෙනු ඇත.

administrator

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *