NVIDIA චිප චීනයට අපනයනය කිරීම සඳහා ඇමරිකානු අනුමැතිය හිමිවීම පිළිබඳ චීනය ප්‍රතිචාර දක්වයි

NVIDIA චිප චීනයට අපනයනය කිරීම සඳහා ඇමරිකානු අනුමැතිය හිමිවීම පිළිබඳ චීනය ප්‍රතිචාර දක්වයි

NVIDIA H20 චිප චීනයට අපනයනය කිරීම සඳහා ඇමරිකාව අනුමැතිය ලබා දීම පිළිබඳව චීන වාණිජ අමාත්‍යාංශය ප්‍රතිචාර දක්වයි.  

Huawei වැනි චීන සමාගම් ඒ හා සමාන චිප නිෂ්පාදනය කර ඇති අතර, චීනය එමගින් ස්වයං යැපුම් ආදේශකයක් හිමි නොකර ගැනීම ඇමරිකාවේ බලපොරොත්තුව බව ඇතැම් ඇමරිකානු නිලධාරින් පවසා ඇත. ඒ සම්බන්ධයෙන් මාධ්‍ය‍වේදීන් නැගූ ප්‍රශ්ණවලට ප්‍රතිචාර දක්වමින් චීන වාණිජ අමාත්‍යංශය ප්‍රකාශකයා පැවසුවේ චීන-ඇමරිකානු ලන්ඩන් සාකච්ඡාවෙන් පසුව, අදාළ නියමයන් පරිදි කොන්දේසි සපුරන අපනයන පාලිත අයදුම්පත් චීනය අනුමත කළ බවයි. ඊට සමගාමීව, ලන්ඩන් හිදී සාකච්ඡාවට ලක් වූ චීනයට එරෙහි සීමා කිරීමේ පියවර ද ඇමරිකා විසින් ජූලි මස මුලදී අවලංගු කරන ලදී.

චීනය සහ ඇමරිකාව අතර සබඳතාවන්හී නිවැරදි මාවත ජයග්‍රාහී සහයෝගීතාව වන අතර, පීඩන හෝ සීමා පැනවීම අසාර්ථක ක්‍රමයකි. මෙම වසරේ මැයි මාසයේදී, ඇමරිකාව Huawei Ascend චිපයන්ට එරෙහිව අපනයන පාලන ක්‍රියත්මක කරමින් දේශපාලන බලයෙන් වෙළඳපොල සාධාරණ තරඟකාරිත්වයට එරෙහිව මැදිහත් වී චීන සමාගම්වල නීත්‍යනුකූල අයිතිවාසිකම්වලට බරපතල ලෙස හානි කිරීම සම්බන්ධයෙන් චීනය දැඩි ලෙස විරෝධය පළ කළේය.

ඇමරිකාව සාධාරණ සාකච්ඡාවලින් වැරදි ක්‍රියාවන් නිවැරදි කරමින් අන්‍යෝන්‍ය වාසිදායක සහයෝගීතාවක් වෙනුවෙන් හිතකර පරිසරයක් නිර්මාණය කිරීමට දායක වනු ඇතැයි චීනයේ අපේක්ෂාව යැයිද හෙතෙම කීය.

administrator

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *