Nutella රසයේ නිර්මාතෘ දිවිගමනට සමුදෙයි

Nutella රසයේ නිර්මාතෘ දිවිගමනට සමුදෙයි

නූටෙල්ලා “Nutella” නම කියූ පමණින් ලොව පුරා පුංචි දරුවන්ගේ මෙන්ම වැඩිහිටයන්ගේ රස නහර පිනා නොගියොතින් එය බොරුවකි.

නූටෙල්ලා චොකලට් වලින් සාදා ඇති දියරමය තවරණයකි. එය පාන්, බනිස් වැනි දෑ සමඟ මෙන්ම ඇතැම් පළතුරු සමඟත් ආහාරයට ගැනීමට හැකි කදිම කෙටි ආහාරයකි.

නමුත් මෙම ලිපියෙන් කියැවෙන්නේ එය ගැන නම් නොවේ.

ඉතාලියේ Nutella හි පියා ලෙස හැදින්වෙන එහි නිපැයුම්කරු වන ෆ්‍රැන්චෙස්කෝ රිවෙල්ලා මහතා ගැනය.

රිවෙල්ලා මහතා සම්බන්ධයෙන් විදෙස් මාධ්‍ය ඔස්සේ නැවතත් කතා බහට ලක්වූයේ පසුගිය 14 වනදා එනම් වැලන්ටයින් දිනයේ ඔහු මෙලොවින් සමුගැනීමත් සමඟය.

මියයන විට ඔහුගේ වයස අවුරුදු 97 කි. රිවෙල්ලා 1952 වසරේ දී ඉතාලි ප්‍රසිද්ධ චොකලට් සහ රසකැවිලි සමාගමක් වන ෆෙරේරෝ හි සිය වෘත්තිය ජීවිතය ආරම්භ කර තිබුණි.

ඔහු එහි රසායනඥයෙකු ලෙස සේවය කර ඇත.  එහිදී ඔහු වඩාත්ම කැපී පෙනෙන නිර්මාණ කිහිපයක් බිහි කළ බව සඳහන් වේ.

පරිපූර්ණ රසයක් නිපැදවීම සඳහා අමුද්‍රව්‍ය මිශ්‍ර කිරීම, පිරිපහදු කිරීම, රස බැලීමෙන් නව නිෂ්පාදන සංවර්ධනය කිරීම, අමුද්‍රව්‍ය අධ්‍යයනය කිරීම වැනි රාජකාරි සඳහා ඔහු එහිදි වඩාත් කැපවීමෙන් සේවය කළ බව ද සඳහන් වේ. නූටෙල්ලා එහි වෙබ් අඩවියට අනුව එය අමුද්‍රව්‍ය හතකින් සාදා ඇත. ඒ සීනි, පාම් තෙල්, හෙසල්නට්, කිරි, කොකෝවා, ලෙසිතින් සහ වැනිලා වලිනි.

වර්ථමානයේ ඇති Nutella හි වට්ටෝරුව නිවැරදි රසයට ගැනීමට ඔවුන්ට දශකයකට වැඩි කාලයක් ගතවූ බවද වාර්තාවේ.

විදෙස් මාධ්‍ය පවසන පරිදි රිවෙල්ලා මහතා ෆෙරේරෝ සමාගමේ කැපි පෙනෙන සේවකයෙකු මෙන්න නැතුවම බැරි සේවකයෙකු බවට පත්ව තිබේ.

පසුව ඔහු එම සමාගමේ ජ්‍යෙෂ්ඨ කළමනාකරුවෙකු ලෙසද කටයුතු කර ඇත.

administrator

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *