Nexperia අර්බුදය විසඳීමට යුරෝපා සංගමයේ උත්සාහයන් චීනය පිළිගනියි

Nexperia අර්බුදය විසඳීමට යුරෝපා සංගමයේ උත්සාහයන් චීනය පිළිගනියි

ඉලෙක්ට්‍රොනික උපාංග සඳහා වන අර්ධ සන්නායක නිෂ්පාදන සමාගමක් වන Nexperia සමාගමට අදාළව මතුව ඇති ගැටළු සම්බන්ධයෙන්, සිය පාර්ශ්වයේ වැරදි සහගත ක්‍රියාවන් හැකි ඉක්මනින් නිවැරදි කරන ලෙස, නෙදර්ලන්තයට සිදු කෙරෙන ඉල්ලීම් සඳහා යුරෝපා පාර්ශ්වය ගන්නා වූ අඛණ්ඩ උත්සාහයන් සාදරයෙන් පිළිගන්නා බව චීන වාණිජ අමාත්‍යංශය පවසයි.

චීනයේ Wingtech සමාගමෙහි විදේශීය අනුබද්ධිත සමාගමක් වන Nexperia හා සම්බන්ධව මතුව ඇති ගැටළුකාරී තත්ත්වය පිළිබඳව, යුරෝපා වෙළඳ හා ආර්ථික ආරක්ෂක කොමසාරිස් Maros Sefcovic විසින් සිය පුද්ගලික සමාජ මාධ්‍ය ගිණුමෙහි පසුගියදා පළ කරන ලද ප්‍රකාශයකට අදාළව අදහස් දක්වන ලෙස කළ විමසීමක දී, චීන වාණිජ අමාත්‍යංශ ප්‍රකාශකයෙකු මේ බව සඳහන් කළේය.

ගෝලීය අර්ධ සන්නායක සැපයුම් දාමයේ වත්මන් බාධාවන්ට මූලික හේතුව සහ වගකීම නෙදර්ලන්ත පාර්ශවය සතු බව හෙතෙම එහිදී පැවසීය. එමෙන්ම Nexperia ආශ්‍රිත නිෂ්පාදනයන් හි සාමාන්‍ය සැපයුම සහතික කරන ලෙස නෙදර්ලන්තයෙන් ඉල්ලා සිටීමට යුරෝපීය පාර්ශ්වය ගන්නා උත්සාහයන් තවදුරටත් තීව්‍ර‍‍ කරනු ඇතැයි චීනය බලාපොරොත්තු වන බව ද ඔහු අවධාරණය කර සිටියේය.

තවද, ගෝලීය අර්ධ සන්නායක සැපයුම් දාමයේ ආරක්ෂාව සහ එහි ස්ථාවරත්වය රැක ගැනීම සම්බන්ධයෙන් වන වගකීම පවත්වා ගනිමින්, සිවිල් භාවිතය සඳහා අදාළ නිත්‍යානුකූල අපනයන සඳහා වන නිදහස් කිරීම් ලබා දීමට, චීනය ප්‍රායෝගික පියවර ගෙන ඇති බව ද චීන වාණිජ අමාත්‍යංශ ප්‍රකාශකයා වැඩිදුරටත් පැවසීය.

administrator

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *