IMF විස්තීර්ණ ණය පහ­සු­කම 2027 වන විට සාර්ථ­කව අව­සන්

IMF විස්තීර්ණ ණය පහ­සු­කම 2027 වන විට සාර්ථ­කව අව­සන්

ජාත්‍ය­න්තර මූල්‍ය අර­මු­දල මඟින් ශ්‍රී ලංකා­වට ලබා දී ඇති විස්තීර්ණ ණය පහ­සු­කම වසර 2027 වන විට සාර්ථ­කව අව­සන් වනු ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුවේ අධි­පති ආචාර්ය පී. නන්ද­ලාල් වීර­සිංහ මහතා ප්‍රකාශ කළේය.

වසර 2023දී මෙර­ටට ජාත්‍ය­න්තර මූල්‍ය අර­මු­ද­ලින් සිවු අවු­රුදු විස්තීර්ණ ණය පහ­සු­ක­මක් ලබා දීමට එකඟ වී කට­යුතු කරනු ලබයි.

ඒ අනුව මේ වන විට පස් වැනි ණය වාරි­කය මෙර­ටට ලබා දීමට ජාත්‍ය­න්තර මූල්‍ය අර­මු­දලේ කාර්යාල මණ්ඩල සාක­ච්ඡා­වේදී එක­ඟ­තාව පළ­කොට ඇත. එම එක­ඟ­තා­වට එහි විධා­යක මණ්ඩ­ලයේ එක­ඟ­තාව ලැබී­මත් සමඟ එම වාරි­කය මෙර­ටට හිමි වේ. ශ්‍රී ලංකාව මේ වන විට 17 වතා­වක් ජාත්‍ය­න්තර මූල්‍ය අර­මු­දලේ ණය පහ­සු­කම් ලබා ගෙන ඇත.

administrator

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *