
අන්තර්ජාතික සම්මානලාභී චිත්‍රපට අධ්‍යක්ෂ සංජීව පුෂ්ප කුමාර විසින් තිර රචනය කොට අධ්‍යක්‍ෂණය කළ විහඟ ප්‍රේමය (peacock Lament)සිනමා පටය ලෝකයේ කීර්තිනාමයක් දිනා ගත් HBO නාළිකාව සිය HOB max ඔස්සේ මාර්තු 01වැනිදා සිට පෝලන්තය, රුමේනියාව, හංගේරියාව,බල්ගේරියාව ඇතුළු නැගෙනහිර යුරෝපීය රටවල් ඉලක්ක කොට ගෙන ප්‍රදර්ශනය කිරීම ආරම්භ කර තිබේ.
අමෙරිකාවේ වෝනර් බ්‍රදර්ස් (warner brothers)ව්‍යාපාර සමූහයට සමූහයට අයත් HBO ආයතනය සිය මාධ්‍ය ජාලයේ ප්‍රදර්ශනයට තෝරාගත් ප්‍රථම ශ්‍රී ලාංකේය චිත්‍රපටය මෙයයි.
මෙම සිනමාපටය තේමා ගැන්වී ඇත්තේ මෙරට සිදුවන බිලිඳු දරුවන් විදේශිකයන්ට අලෙවි කිරීමේ ජාවාරම පදනම් කරගෙනය.
ප්‍රථම වරට ශ්‍රී ලංකාව සහ ඉතාලිය ක්‍රියාත්මක වූ නිල නිෂ්පාදනය ලෙසින් මෙය ඉතිහාසයට එක් විය.
අමිල් අබේසුන්දර සහ සංජීව පුෂ්පකුමාරගේ නිෂ්පාදනයක් වන මෙය ෆිල්ග්‍රිම්ස් නිෂ්පාදන සමාගම වෙනුවෙන් අන්ද්‍රෙයා මැග්නානි සහ කියාරා බබෝ ද ඉතාලි නිෂ්පාදකයින් ලෙසින් එක්ව චිත්‍රපයට නිෂ්පාදනය කර ඇත.