චීන රාජ්‍ය මණ්ඩලයේ තොරතුරු කාර්යාලය ඊයේ(4) ” Fentanyl ආශ්‍රිත ද්‍රව්‍ය පාලනය – චීනයේ දායකත්වය” නැමති ධවල පත්‍රිකාව නිකුත් කළේය.
මේ පිළිබඳව චීන විදේශ අමාත්‍යංශය පෙන්වා දුන්නේ, Fentanyl ආශ්‍රිත ද්‍රව්‍ය පාලනය කිරීමේදී, චීනය දැක්වූ සුවිසල් දායකත්වය සහ නවෝත්පාදන අත්දැකීම් පිළිබඳව, මෙම ධවල පත්‍රිකාව මගින් පුළුල් හා නිල වශයෙන් පැහැදිලි කර ඇති බවයි. චීනය සෑම විටම ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය විරෝධී වගකීම් දැඩිව ක්‍රියාත්මක කරන අතර, ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය විරෝධී කටයුතුවලට වැඩි සහභාගීත්වයක් ලබා දෙමින් සිටී. ලොව පුරා රටවල් එක්ව කටයුතු කරමින් Fentanyl ප්‍රශ්නය ඇතුළු නව අභියෝග වෙත මුහුණ දීම සඳහා, චීනය අඛණ්ඩ උත්සාහයන් ගෙන ඇති අතර, එහි ප්‍රතිඵල පැහැදිලි ය.
Fentanyl ප්‍රශ්නය සම්බන්ධයෙන් විවිධ අසත්‍ය ප්‍රචාර සිදු කර ඇති ඇමරිකාව, මෙය පදනම් කොට ගෙන චීනයෙන් ආනයනික නිෂ්පාදිත සඳහා අතිරේක තීරුබදු පැනවීමට පියවර ගෙන තිබේ. කිසිදු තර්කයක් හා හේතුවක් නොමැති ඇමරිකා පාර්ශ්වයේ මෙම ක්‍රියාව දෙපාර්ශ්වයට ම හානිකර වේ.
චීනය සමානාත්මතාවය සහ අන්‍යෝන්‍ය ගෞරවය මත පදනම්ව ඇමරිකාව සමග ප්‍රායෝගික සහයෝගීතාවයෙන් කටයුතු කිරීමට කැමැත්තෙන් සිටී. නමුත් ඇමරිකාව Fentanyl ප්‍රශ්නය හරහා චීනයට පීඩන එල්ල කිරීම, අවමාන තර්ජන සිදු කිරීම පිළිබඳව චීනය දැඩි ව විරුද්ධ වන බව චීන විදේශ අමාත්‍යංශය අවධාරණය කර ඇත.