“Dead To Rights” චිත්‍රපටයේ විශේෂ තිරගත කිරීමක් ජපානයේ

“Dead To Rights” චිත්‍රපටයේ විශේෂ තිරගත කිරීමක් ජපානයේ

ජපන් විරෝධී යුද්ධය පදනම් වූ චිත්‍රපටයක් වන “Dead To Rights” ජපානයේ විශේෂ තිරගත වීමේ උත්සවයක් පැවැත්වේ. එය ඊයේ (17) ජපානයේ Tokyo නගරයේදී පැවැත්විණ.

චීන මාධ්‍ය සමූහයේ ප්‍රධානත්වයෙන් ජපානයේ චීන තානාපති කාර්යාලයේ සහාය ඇතිව එම තිරගත කිරීම සිදුවිය. ජපාන ජාත්‍යන්තර වෙළඳ ප්‍රවර්ධන සංගමය, ජපාන-චීන කම්කරු හුවමාරු සංගමය, Tokyo ජපාන-චීන මිත්‍ර සංගමය මෙන්ම ජපාන විද්‍යාල පර්යේෂණ ආයතන, මාධ්‍ය හා ප්‍රකාශන ආයතන වල නියෝජිතයන් ඇතුළු, ජපානයේ සිටින චීන ජාතිකයෝ 150ක් පමණ ඊට එක්වූහ. 

එහිදී ජපානයේ සිටින චීන තානාපති Wu Jianghao මහතා ප්‍රකාශයක් නිකුත් කළේය. ජපානයේ ඒ ඒ ක්ෂේත්‍රවල නිවැරදි බුද්ධිය සහිත පුද්ගලයින් සමඟ ඉතිහාසය අධ්‍යායන කරමින් අනාගතය උදෙසා ඓතිහාසික සත්‍යය, මානවයන්ගේ හෘද සාක්ෂිය හා යුක්තිය පොදුවේ  ආරක්ෂා කිරීමට චීනය කැමැත්තෙන් සිටින බව හෙතෙම එහිදී පැවසීය. ඓතිහාසික වේදනා යළි ඇති වීමට කිසිදු ඉඩක් නොතැබිය යුතු අතර දෙරටේ ජනතාව අනාගත පරම්පරා මිත්‍රත්වය පවත්වා ගත යුතු බවද හෙතෙම සඳහන් කළේය.

යුද ඉතිහාසය කෙරෙහි පුළුල් මෙන්ම යුක්ති සහගත ලෙස මුහුණ දීම සහ ආවර්ජනය, දෙරටේ සබඳතා විධිමත් සංවර්ධනයේ කේන්ද්‍රීය කරුණකි. එමෙන්ම එය දෙපාර්ශ්වය අන්‍යෝන්‍ය අවබෝධය හා විශ්වාසය තහවුරු කිරීමේ වැදගත් පදනමක් බවද එම උත්සවයට එක්වූ ප්‍රේක්ෂකයින් පවසා ඇත. 

administrator

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *