Bao Li සහ Qing Bao යන යෝධ පැණ්ඩා යුගලය ඇමරිකාවට ළඟා වෙති

Bao Li සහ Qing Bao යන යෝධ පැණ්ඩා යුගලය ඇමරිකාවට ළඟා වෙති

Bao Li සහ Qing Bao යන යෝධ පැණ්ඩා යුගලය ඊයේ (15) විශේෂ ගුවන් යානයකින් ඇමරිකාවේ වොෂින්ටන් අගනුවරට නුදුරින් පිහිටි Dulles ජාත්‍යන්තර ගුවන් තොටුපළ වෙත පැමිණියහ. එම පැන්ඩා යුගලය වොෂින්ටන් ජාතික සත්වෝද්‍යානයේ වසර 10 ක කාලයක් නවාතැන් ගනු ඇත.

Bao Li, නමැති පිරිමි පැන්ඩා, 2021 අගෝස්තු මාසයේදී උපත ලැබීය. Qing Bao, නම් ගැහැණු පැන්ඩා, 2021 සැප්තැම්බර් මාසයේදී උපත ලබා තිබේ.

වර්තමානයේ, වොෂින්ටනයේ ජාතික සත්වෝද්යානය චීන විශේෂඥයින්ගේ අදහස් මත යෝධ පැන්ඩා ජීවන පහසුකම් ප්‍රතිසංස්කරණය කර වැඩිදියුණු කර ඇති අතර වෘත්තීය අභිජනන සහ කළමනාකරණ කණ්ඩායමක් ද ස්ථාපිත කර ඇත.

චීනය සහ ඇමරිකාවේ වොෂින්ටන් ජාතික සත්වෝද්‍යානය  වසර 24ක් පුරා යෝධ පැන්ඩා සංරක්ෂණ සහයෝගීතාවයෙන් Tai Shan, Bao Bao, Bei Bei සහ Xiao Qi Ji යන යෝධ පැන්ඩාවන්  සාර්ථකව අභිජනනය කර ඇත.

administrator

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *