වියට්නාමයේ නිල සංචාරයකට සූදානම්ව සිටින චීන කොමියුනිස්ට් පක්ෂයේ මහ ලේකම්, ජනාධිපති ෂී ජින් පිං මහතාගේ අත්සනින් යුත් ලිපියක් වියට්නාමයේ Nhan Dan පුවත්පතෙහි පළ කෙරේ. ‘සාමූහික අභිලාෂයන් හඹා යාමේ දී අතීත ජයග්‍රහණ මත නව දියුණුවක් ගොඩ නගන්නෙමු’ යන මැයෙන් එම ලිපිය අද(14) පළ කෙරිණ.
චීනය හා වියට්නාමය සමාජවාදී අසල්වැසි මිත්‍ර රටවල් දෙකකි. දෙරට අතර පොදු සිහින හා චින්තන මෙන්ම පූර්ණ උපායමාර්ගික ජයග්‍රහණ හිමිව තිබෙන බව ෂී ජින් පිං මහතා එහිදී ප්‍රකාශ කළේය. උපායමාර්ගික අර්ථයන් හිමි චීන-වියට්නාම පොදු ඉරණමක් සහිත ප්‍රජාව ගොඩනැගීම, දෙරටේ පොදු ජයග්‍රහණයන්ට අනුකූල වේ. එය කලාපයට පමණක් නොව සමස්ත ගෝලීය සාමයට, ස්ථාවරත්වයට මෙන්ම සංවර්ධන සමෘද්ධියට ද ඉවහල් වේ. එය ඓතිහාසික මෙන්ම ජනතාවගේ තෝරා ගැනීමක් ද බව ෂී ජින් පිං මහතා සඳහන් කළේය.
ආසියාව, ගෝලීය සහයෝගිතා සංවර්ධනයේ ඉදිරියෙන්ම සිටින කලාපයයි. සමස්තයක් ලෙස ගත් කළ පුනරුත්ථාපනය ඉටු කිරීමේ නව ආරම්භයේ සිටින ආසියාව පෙර නොවූ අවස්ථා හා අභියෝගයන්ට මුහුණ දෙමින් සිටී. චීනය අසල්වැසි රටවල් හා සම්බන්ධ කටයුතුවල තිරසරභාවය හා ස්ථාවරත්වය අඛණ්ඩව පවත්වා ගෙනු ඇත. අවංක හා පොදු ජයග්‍රාහී රාජ්‍යතාන්ත්‍රික චින්තනය මෙන්ම මිත්‍ර අසල්වැසියන් යන ප්‍රතිපත්තිය අනුගමනය කරමින් අසල්වැසි රටවල් සමග මිත්‍ර සහයෝගිතා තහවුරු කරමින් ආසියාවේ නවීකරණ ක්‍රියාවලිය පොදුවේ ඉදිරියට ගෙන යනු ඇති බවට චීනය සූදානම් වන බවද එහිදී සඳහන් කෙරිණ.
චීනය සැමවිටම සිය අසල්වැසි රටවල් සමඟ රාජ්‍ය තාන්ත්‍රික කටයුතු ප්‍රමුඛතාවයක් ලෙස සලකන අතර වියට්නාමය සමඟ ද චීන-වියට්නාම පොදු ඉරණමක් සහිත ප්‍රජාවක් ගොඩනැගීම පූර්ණ වශයෙන් තහවුරු කිරීමට චීනය කැමැත්තෙන් සිටින බව ෂී ජින් පිං මහතා පැවසීය. ඒ සඳහා එතුමා උපදෙස් මාලාවක් ලබා දුන්නේය.
දෙරටේ නායකයන්ගේ උපදෙස් අනුගමනය කරමින් උපායමාර්ගික අන්‍යෝන්‍ය විශ්වාසය තහවුරු කරමින් රාජ්‍ය පරිපාලන හා දේශපාලන කටයුතුවල අත්දැකීම් මෙන්ම අදහස් හුවමාරු කිරීම හරහා දෙපාර්ශ්වයන් ශක්තිමත් කළ යුතු ය. එමෙන්ම සමාජවාදී චින්තනය හා ක්‍රියාත්මක කිරීම් පොදුවේ නිරීක්ෂණය කර දෙරටේ සමාජවාදී මෙහෙයුම් ස්ථිර ලෙස ඉදිරියට ගෙන යාම ද දෙරටම ප්‍රවර්ධනය කළ යුතු ය. සහයෝගිතා මගින් පොදු ජයග්‍රහණ ලබා ගැනීම ස්ථිර ලෙස අනුගමනය කරමින් උපායමාර්ගික සම්බන්ධීකරණය ගැඹුරු කරන අතර “එක් තීරයක් එක් මාවතක් වැඩපිළිවෙළ” දෙරට අතර පොදුවේ ගොඩනැගීම මෙන්ම “ආර්ථික කෝරිඩෝ දෙකක් එක් ආර්ථීක තීරයක් ” (Two Corridors, One Economic Belt ) වැඩපිළිවෙළෙහි සම්බන්ධීකරණ සහයෝගිතා සැලසුම් යහපත් ලෙස ක්‍රියාත්මක කළ යුතු ය. වඩාත් වැඩි ආර්ථික, තාක්ෂණ සහයෝගිතා වේදිකා නිර්මාණය කරමින් 5ජී, කෘත්‍රිම බුද්ධිය හා හරිත සංවර්ධනය යන නව ක්ෂේත්‍රවල සහෝගිතා පූළුල් කරමින් දෙරටේ ජනතාවට වඩා වැඩි වාසි ලබා දෙනු ඇති බවද එහිදී අවධාරණය කෙරිණ.
ඊට අමතරව මානව හුවමාරු ශක්තිමත් කරමින් මේ වසරේ “චීන-වියට්නාම මිත්‍ර හුවමාරු වසර ” අවස්ථාව ප්‍රයෝජනයට ගනිමින් දෙරටේ මිත්‍රත්වය හරහා පාරම්පරික උරුම කරගැනීම ප්‍රවර්ධනය කළ යුතු ය. තවද බහුපාර්ශ්වික සම්බන්ධීකරණය සමීප ව සිදු කරමින් ආසියාවේ සමෘද්ධිය හා පුනරුත්ථාපනය සඳහා පෙළඹවීම් ඇති කර සංවර්ධනය වෙමින් පවතින රටවල පොදු වාසි ආරක්ෂා කර බහුපාර්ශ්වික වෙළඳ පද්ධතිය සහතික කළ යුතුය. ගෝලීය කර්මාන්ත දාමය හා සැපයුම් දාමය ආශ්‍රිත ස්ථාවරත්වය සුරක්ෂිත කරමින් විවෘත සහයෝගිතාවන්ගෙන් යුත් ජගත් පරිසරය සහතික කර නොසන්සුන් ලෝකයට වඩා ස්ථාවරත්වය හා ධනාත්මක ශක්තිය ලබා දිය යුතු ය. මතභේදයන් නිසි ආකාරයෙන් පාලනය කරමින් කලාපීය සාමය හා ස්ථාවරත්වය සහතික කර දකුණූ චීන මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව සැබැවින්ම සාමය, මිත්‍රත්වය මෙන්ම සහයෝගිතා පවත්වා සංවර්ධනය කළ යුතු බවද ෂී ජින් පිං මහාතගේ ලිපියේ සඳහන් කෙරිණ.
නව ඓතිහාසික ආරම්භයේ සිට, වියට්නාමය සමඟ එක්ව චීනය අත්වැල් බැඳ ගනිමින් පොදු ඉරණමක් සහිත චීන-වියට්නාම ප්‍රජාවේ නව පර්චේඡදයක් නිර්මාණය කිරීමෙන් පොදු ඉරණමක් සහිත මානව ජ්‍රජාවක් ගොඩනැගීමට නව දායකත්වයක් ලබා දීමට චීනය කැමැත්තෙන් සිටින බව ද එහිදී ප්‍රකාශ කෙරිණ.