චන්දිමාල් ටෙස්ට් පිටියේ සුවිශේෂී කඩඉමක් පසුකරයි

චන්දිමාල් ටෙස්ට් පිටියේ සුවිශේෂී කඩඉමක් පසුකරයි

ශ්‍රී ලංකාව හා දකුණු අප්‍රිකාව අතර දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේදී ජාත්‍යන්තර ටෙස්ට් ක්‍රිකට් දිවියේ සුවිශේෂී කඩඉමක් පසුකිරීමට දිනේෂ් චන්දිමාල් සමත් විය.

තරගයේ සිව්වැනි දිනය වූ අද (8) ශ්‍රී ලංකා දෙවන ඉනිම වෙනුවෙන් චන්දිමාල් ලකුණු 29ක් රැස්කිරීමට සමත් වූ අතර, ඒ සමග සිය ටෙස්ට් ක්‍රිකට් දිවියේ ලකුණු 6000 සීමාව පසුකර යාමට ඔහුට අවස්ථාව උදාවිය.

2011 වසරේදී දකුණු අප්‍රිකාවට එරෙහිව දකුණු අප්‍රිකාවේදීම ජාත්‍යන්තර ටෙස්ට් ක්‍රිකට් දිවිය ඇරඹූ චන්දිමාල් එතැන් සිට මේ දක්වා ටෙස්ට් තරග 86ක ඉනිම් 154කදී ලකුණු 6019ක් රැස්කිරීමට සමත්ව සිටියි.

මංගල ටෙස්ට් තරගයේ ඉනිම් ද්විත්වයේම අර්ධ ශතක වාර්තාකල චන්දිමාල්, ටෙස්ට් අර්ධ ශතක 30කට හා ශතක 16කට හිමිකම් කියයි.

ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් ලකුණු 6000 කඩඉම පසුකළ 7වන පිතිකරුවා චන්දිමාල් වන අතර, එම කඩඉම පසුකළ ලොව 74වැනි පිතිකරුවා ඔහු වෙයි.

administrator

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *