චීන දූෂණ විරෝධී ප්‍රයත්නයේ සාර්ථකත්වය දේශසීමාවෙන් ඔබ්බට ගමන් කර ඇති පරමාදර්ශයක්

චීන දූෂණ විරෝධී ප්‍රයත්නයේ සාර්ථකත්වය දේශසීමාවෙන් ඔබ්බට ගමන් කර ඇති පරමාදර්ශයක්

කකුළුවා ඇදේට ගොස් පැටවුන්ට කෙළින් යන්නට උපදෙස් දීම පිළිබඳව සිංහල ජනප්‍රවාදයේ ප්‍රකට කියමනක් පිළිබඳව අප අසා ඇත. ලෝකයේ බහුතරයක් රටවල ඇති සැබෑ තත්ත්වය නම් මෙයයි. ශ්‍රී ලංකාවේ නායකයින් බලයට පැමි‍ණියේ සහ බලය පවත්වාගෙන යන්නේ දූෂණය මර්ධනයට දෙන සහතිකයත් සමගය. එහෙත් කිසිම පක්ෂයක කිසිඳු නායකයෙක් දූෂණයට මෙතෙක් නැවතුම තබා නොමැත. මේ කතිකාව ශ්‍රී ලංකාවේ පමණක් නොව මේ දිනවල ජාත්‍යන්තරයේ කතා බහට ලක් වූ මාතෘකාවක් බවට පත් ව ඇත. ලෝකයේ වැඩිම පිරිසකගේ අවධානයට ලක් වූ පැරිස් ඔලිම්පික් උළෙලේ සිදු වූ දූෂණයන්, වංචාවන්, අක්‍රමිකතා සහ අසාධාරණයන් පිළිබඳව පොදු ජනතාව සිය මත පළ කර ඇත.

ඇමරිකානු තහනම් උත්තේජක විරෝධී ආයතනය එරට මලල ක්‍රීඩක Erriyon Knighton ගේ තහනම් උත්තේජක චෝදනා වසන් කිරීම, එම ආයතනයේ දෙබිඩි පිළිවෙත් සහ බලය අනිසි ලෙස භාවිත කිරීම හේතුවෙන් විශ්වසනීයත්වය පිළිබඳ දැඩි අර්බුදයක් මතු විය. ලෝක තහනම් උත්තේජක විරෝධී ආයතනය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ තහනම් උත්තේජක සඳහා ධනාත්මක බව පරීක්‍ෂා කළ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට තරඟ කිරීමට ඉඩ දීමෙන්, ඇමරිකානු ආයතනය තරඟයේ අඛණ්ඩතාව ආරක්ෂා කිරීම සඳහා නිර්මාණය කර ඇති නීති උල්ලංඝනය කර ඇති බවයි. දූෂණය පෙරටු කොට වැඩිම පදක්කම් දිනා ගනිමින් ලොව ප්‍රථමයා වීමෙන් ඇමරිකාවේ දූෂණයේ නිරුවත හෙළිදරව් විය. මෙය ඇමරිකාව ක්‍රියාවට නංවන්නේ ක්‍රීඩාවට පමණක් නොවේ. දේශපාලනය තුළත්, පරිපාලනය තුළත්, සුබසාධනය තුළත් එවැනි දූෂණ පිළිබඳ වාර්තා ඕනෑ තරම් සොයා ගත හැකිය. නායකත්වය නිසි මඟ නොයන්නේ නම්, සංවර බව, විනය, සදාචාරය පිළිබඳ නායකයා පූර්වාදර්ශ නොදෙන්නේ නම් රටේ වෙනත් නිලධාරීන් හෝ ජනතාවගෙන් යහපත් හැසිරීමක් බලාපොරොත්තු විය නොහැක.

සැබෑ දූෂණයෙන් තොර පාලනයක් සඳහා හොඳ නිදසුනක් චීන රාජ්‍යයෙන් සොයා ගත හැකිය. චීනයේ ඉහළම නායකයා ලෙස ෂී ජින්පිං ජනාධිපතිවරයා ඔහුගේ පළමු වසර තුළ, අභීත දූෂණ විරෝධී ව්‍යාපාරයක් ආරම්භ කළ අතර එහි ප්‍රතිඵලයක් ලෙස අමාත්‍ය හා පළාත් මට්ටමේ ජ්‍යෙෂ්ඨ නායකයින් 20කට වැඩි පිරිසක් අත්අඩංගුවට ගැනීමට පියවර ගැණින. නිසි දඩුවම් හා ක්‍රමවේද මගින් ඉහළ සිට පහළට දූෂණය මර්ධනය කිරීමේ ක්‍රමවේදය චීනය ලොවට කියා දී තිබේ. චීන කොමියුනිස්ට් පාලනයේ කේන්ද්‍රීය සාධකයක් ලෙස දූෂණයෙන් තොර පාලනය හඳුන්වා දිය හැකිය. දූෂණයෙන් තොර පාලනයෙන්‘මහජන සහයෝගය දිනා ගැනීම කොමියුනිස්ට් පක්ෂයේ පැවැත්ම පිළිබඳ සාධකයක් ’ බවට චීනය විශ්වාස කරයි. සැබෑ නායකයෙකුගේ වගකීම වන්නේ සමාජ දූෂණ විෂමතාවය අවම කිරීමය. චීනය ගෙවුණු දශක කිහිපය පුරා මෙම සමාජ විෂමතාවය අවම කිරීම සඳහා කැප විය. චීනය මානව ශිෂ්ටාචාරයේ අනිවාර්ය කොටසක් බවට පත් වී ඇත්තේ ඒ අනුවය. නිවැරදි දේ වෙනුවෙන් නීතිය ක්‍රියාත්මක නොකිරීම සහ හිතවතුන් හෝ නිලධාරීන් ආරක්ෂා කරමින් ජනතා පොදු දේපළ මංකොල්ලකෑමේ නිර්දය අත්දැකීම ආසියානු කලාපයේ දී අත්විඳින්නට ලැබෙන කටුක යථාර්ථයක් වී තිබේ. එය මහාපරිමානයෙන් බලවත් රටවලද ක්‍රියාත්මක වේ. නායකයින්ගේ අදූරදර්ශී බවේ පළවිපාක ක්‍රීඩාවේ අරමුණ පවා විකෘති කරන්නට සමත් වූ පුවත අප මෙවර ඇසූවේ ඇමරිකාවෙනි. තම ජයග්‍රහණය වෙනුවෙන් ඕනෑම අනිසි ක්‍රියාවක්, දූෂණයක් අනුමත කිරීම ඉතාම නිර්දය ක්‍රියාවකි. එබැවින් දූෂණයෙන් තොරව ජනතා විශ්වාසය ගොඩනඟා ගන්නා ආකාරය මෙන්ම, සංවර්ධනයේ ජයග්‍රහණ භුක්ති විඳින අයුරු චීනය ක්‍රියාවෙන් සනාථ කර තිබේ. ඒ ආදර්ශය සමස්ථ මානව වර්ගයාටම යහපත් අනාගතයක් වෙනුනේ බව නොකිවමනාය. චීනයේ සැබෑ දැක්ම වසන් කිරීමට බටහිර ජනමාධ්‍යය විශාල බලපෑමක් කර ඇති අතර ප්‍රචාරය කරන එම චීන විරෝධී තොරතුරු එකම සත්‍යය ලෙස පිළිගැනීමේ නැඹුරුතාවයෙන් ජනතාව අත්මිඳිය යුතුය. දූෂණයට එරෙහිව චීනය තුළ ක්‍රියාත්මක කරන දැඩි දඩුවම්හි ප්‍රතිඵලය නම් ජනතා සංවර බවයි. හොරකම, අල්ලස, විනය විරෝධී ක්‍රියා චීන සමාජයෙන් තුරන් වී තිබීම චීනයේ දූෂණ විරෝධී වැඩපිළිවෙලේ ජයග්‍රහණයයි. දේශීය මෙන්ම විදේශීය පුරවැසියන්ට පවා  චීනය තුළ නොබියව ජීවත් විය හැකි පරිසරය එම ජය තවත් තීව්‍ර කර තිබේ. මෙය වෙනත් රටවලින් දැකිය නොහැකි තත්ත්වයකි.

ජනාධිපති ෂී ජින්පිං මහතාගේ පරිපාලනය විසින් දියත් කළ දූෂණ විරෝධී ව්‍යාපාරය සැලකිය යුතු ප්‍රගතියක් ලබා ඇත. මෙම ව්‍යාපාරය දූෂණයට එරෙහිව ලෝකයට ලබා දී ඇති පණිවිඩය පැහැදිලිය. විනිවිදභාවය සහ වගවීම වැඩි දියුණු කිරීම අරමුණු කරගත් ආයතනික ප්‍රතිසංස්කරණ, කොමියුනිස්ට් පක්ෂයේ විනය සහ අඛණ්ඩතාව ශක්තිමත් කිරීම සහ පුළුල් මහජන දැනුවත් කිරීමේ ප්‍රයත්නයන් මෙම මෙහෙයුමේ ප්‍රධාන කේන්ද්‍රීය සාධක වේ. දූෂණ විරෝධී ප්‍රයත්නයේ සාර්ථකත්වය චීනය දේශසීමාවෙන් ඔබ්බට ගමන් කර ඇති පරමාදර්ශයක් බවට පත්වෙමින් තිබේ.

නීතිඥ සංඛ ප්‍රබුද්ධ

administrator

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *