9වැනි ආසියානු ශීත ඍතු ක්‍රීඩා උළෙලේදී චීන නියෝජිත පිරිස ඉතිහාසයේ ඉහළම ප්‍රතිඵලය අත්කර ගනී.
9වැනි ආසියානු ශීත ඍතු ක්‍රීඩා උළෙල අද(14) රාත්‍රියේ නිමාවට පත් වීමට නියමිතය. චීන නියෝජිත ක්‍රීඩා කණ්ඩායම එහිදී සමස්ත රන් පදක්කම් 32ක් දිනා ගත්හ. එම සංඛ්‍යාව ආසියානු ශීත ඍතු ක්‍රීඩා උළෙලක රන් පදක්කම් වාර්තාව සම කර තිබේ. ආසියානු ශීත ඍතු ක්‍රීඩා උළෙලට සහභාගී වීමේ ඉතිහාසයේ චීන ක්‍රීඩා නියෝජිත පිරිස අත්පත් කර ඇති ප්‍රශස්තම ප්‍රතිඵලය මෙයයි.
9වැනි ආසියානු ශීත සෘතු ක්‍රීඩා උළෙල අවසන් වනු ඇති නමුත් සාමය, සංවර්ධනය හා මිත්‍රත්වය යන පොදු ආශාව සහ ලුහුබැඳීම අඛණ්ඩ පැතිර යන බව චීනය පවසයි.
චීන විදේශ අමාත්‍යාංශ ප්‍රකාශක Guo Jiakun මහතා අද(14) පැවති නිත්‍ය මාධ්‍ය හමුවේදී මේ බව පැවසීය.
මෙවර ක්‍රීඩා උළෙලේදී ක්‍රීඩක-ක්‍රීඩියාවන් තරඟවල එකිනෙකාට ගරු කරමින් දිරිමත් කිරීමෙන්, සාමය, එකමුතුකම සහ සහභාගිත්වය ප්‍රවර්ධනය කිරීමේ ක්‍රීඩා සංකල්පය විචිත්‍රවත් ලෙස ප්‍රදර්ශනය කොට තිබෙන බව Guo Jiakun මහතා සඳහන් කළේය. කාම්බෝජය හා සෞදි අරාබිය යනාදී රටවල් පළමු වරට උළෙලට සහභාගී වීම සඳහා නියෝජිතයින් යවා ඇත. මෙයින් අදහස් කරන්නේ අයිස් සහ හිම ක්‍රීඩාවලට තවදුරටත් ඉහළ අක්ෂාංශවල පිහිටි රටවලට පමණක් එක් විය හැකි දෙයක් නොවන බවත් අයිස් සහ හිම ආර්ථිකය නව ආර්ථික වර්ධන ලක්ෂ්‍යයක් බවට පත්වෙමින් තිබෙන බවත් Guo Jiakun මහතා පෙන්වා දී තිබේ.
ජාත්‍යන්තර ඔලිම්පික් ව්‍යායාමය අඛණ්ඩව ප්‍රවර්ධනය කිරීම සඳහා ආසියානු රටවල් හා ජගත් ප්‍රජාව සමඟ එක්ව කටයුතු කිරීමට චීනය සූදානමින් සිටින බව ද ඔහු වැඩිදුරටත් පැවසීය.