7 වැනි චීන ජාත්‍යන්තර ආනයන ප්‍රදර්ශනයේ ජාතික මණ්ඩපයට ඉහළ සහභාගීත්වයක්

7 වැනි චීන ජාත්‍යන්තර ආනයන ප්‍රදර්ශනයේ ජාතික මණ්ඩපයට ඉහළ සහභාගීත්වයක්

7 වැනි චීන ජාත්‍යන්තර ආනයන ප්‍රදර්ශනයට අනුබද්ධ ජාතික මණ්ඩපය සඳහා රටවල් හා ජාත්‍යන්තර සංවිධාන 70කට වැඩි සංඛ්‍යාවක්  සිය සහභාගීත්වය තහවුරු කරයි. එම සංඛ්‍යාව පසුගිය වසරේ සහභාගීත්වය ඉක්මවායාමකි. නොර්වේ, ස්ලෝවැකියාව, බෙනින්, බුරුන්ඩි, මැඩගස්කරය හා එක්සත් ජාතීන්ගේ ජාත්‍යන්තර ළමා හදිසි අරමුදල එහි ජාතික මණ්ඩපයට මෙවර එක්වන්නේ ප්‍රථම අවස්ථාවටයි. චීන ජාත්‍යන්තර ආනයන ප්‍රදර්ශන කාර්යාංශය ඊයේ(19) මේ බව සඳහන් කළේය.

මෙම වසරේ පැවැත්වෙන ජාතික මණ්ඩප ප්‍රදර්ශනය, රාජ්‍ය තාන්ත්‍රික සබඳතා පිහිටුවීමේ සංවත්සරය, සංස්කෘතික හා සංචාරක වසර, මානව හුවමාරු වසර යන වැඩසටහන් නිමිති කරගෙන චීනය හා විවිධ රටවල් සමග පවත්වන සහයෝගිතා ප්‍රතිඵල එහිදී ප්‍රදර්ශනය කෙරෙනු ඇත. ‘චීන මාදිලියේ නවීකරණය තහවුරු කරමින් ලෝක සංවර්ධනය හා සමෘද්ධිය පොදුවේ සාක්ෂාත් කර ගැනීම’ මෙවර චීන ජාතික මණ්ඩපයේ ප්‍රධාන තේමාවයි.

7 වැනි චීන ජාත්‍යන්තර ආනයන ප්‍රදර්ශනය නොවැම්බර් 5 වැනි දා සිට 10 වැනි දා දක්වා ශංහැයි නුවර දී පැවැත්වෙයි.

administrator

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *