2026 නව වසර පිළිගැනීම වෙනුවෙන් විශේෂ උත්සවයක්

2026 නව වසර පිළිගැනීම වෙනුවෙන් විශේෂ උත්සවයක්

චීන විදේශ අමාත්‍යාංශය 2026 නව වසර පිළිගැනීම වෙනුවෙන් උත්සවයක් පවත්වයි. ඒ චීන විදේශ අමාත්‍ය Wang Yi මහතාගේ ප්‍රධානත්වයෙනි. ඒ සඳහා විවිධ රටවල රාජ්‍යතාන්ත්‍රික නියෝජිතයෝ, චීනයේ ජාත්‍යන්තර සංවිධානවල නියෝජිතයෝ සහ චීන රජයේ විවිධ දෙපාර්තමේන්තු නියෝජිතයියෝ ඇතුළු පුද්ගලයන් 500කට ආසන්න පිරිසක් සහභාගී වූහ. 

එහිදී Wang Yi මහතා සඳහන් කළේ 2025 වසරේ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ 80 වන සංවත්සරය සනිටුහන් කළ බවය. ජාත්‍යන්තර සබඳතාවන්හි විවිධ අභියෝග පැවතියද, ගෙවී ගිය වසර පුරා චීනය සිය විදේශ ප්‍රතිපත්තිය තුළ නිවැරදි දිශානතියක් වෙත ගමන් කිරීමට කැපවී සිටි බව ඔහු අවධාරණය කළේය.   

විශේෂයෙන්ම, ජාත්‍යන්තර නියෝජනය විශාල ලෙස වෙනස්වන තීරණාත්මක කාලයක ලොව ඉදිරි ගමනට චීනය ඉදිරිපත් කළ ගෝලීය පාලන මුලපිරුම ආලෝකයක් වී ඇති බව ද ඔහු සඳහන් කළේය. ලෝකය කෙසේ වෙනස් වුවද, ජාත්‍යන්තර සාධාරණත්වය සුරැකීමේ චීනයේ ආකල්පය නොවෙනස්ව පවතින බවත්, හවුල් අනාගතයක් සහිත මානව ප්‍රජාවක් ගොඩනැගීමේ චීනයේ ප්‍රතිඥාව නොසැලී පවතින බවත් ඔහු පැවසීය. 

චීනයේ විදේශ රාජ්‍යතාන්ත්‍රික කණ්ඩායමේ ප්‍රධානී සහ චීනයේ කැමරූන් රාජ්‍ය තානාපති Martin Mpana මහතා සිය කණ්ඩායම වෙනුවෙන්  චීන ජනතාවට අලුත් අවුරුද්ද වෙනුවෙන් සුබ පැතුම් එක් කළේය. 2025 වසරේ චීන විදේශ ප්‍රතිපත්ති ජයග්‍රහණ සහ විශේෂයෙන් ගෝලීය පාලන මුලපිරුම පිළිබඳ ඔහු එහිදී අගය කළ අතර එය ගෝලීය සාමය සහ සංවර්ධනය සඳහා ඉතා වැදගත් දායකත්වයක් ලබා දුන් බව ද සඳහන් කර ඇත.

administrator

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *